ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත මාදැල් ධීවරයන් සමග සාකච්ඡාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) ජනාධිපති කාර්යාලයේ දී සහභාගි විය.
සියලු දෙනාගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කළ යුතුයි
විරෝධතාවයේ නිරත ධීවරයන් වෙත ජනාධිපති කාර්යාලය වෙත ආරාධනා කරමින් ඔවුන් සමග සිදු කළ දීර්ඝ සාකච්ඡාවේ දී ඔවුන්ගේ අත්දැකීම් අනුව මතුකළ කරුණු පිළිබඳ පුළුල් ලෙස අවධානය යොමු කළ ජනාධිපතිවරයා මාදැල් කර්මාන්තය සම්බන්ධයෙන් පැණ නැඟී ඇති මෙම ගැටලුවට විසදුම් සෙවීමේ දී ආර්ථික වශයෙන් කිසිවකු ගේ ජීවන තත්ත්ව අඩාල කිරීමට රජයට අවශ්‍යතාවක් නොමැති බවත්, රජය පෙනී සිටින්නේ සියලු දෙනාගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීමට බවත් පෙන්වා දුන්නේ ය.
අවධාණය යොමු කළ යුතු විශේ කරුණු
එසේම, මෙම ගැටලුවට විසඳුම් සෙවීමේ දී පොදු ධීවර ජනතාව ගෙන් ලැබෙන පැමිණිලි, පරිසර සංවිධාන මෙන්ම මේ සම්බන්ධව විද්‍යාත්මක පර්යේෂණවල නිරත වන රාජ්‍ය ආයතන, ධීවර අමාත්‍යාංශයට අයත් ආයතන සහ අනෙකුත් ආයතන මගින් ලබා දී ඇති වාර්තා ද සැලකිල්ලට ගත යුතු බවත්, ඒ අනුව ආර්ථික හානියක් නොවන ලෙසත්, පරිසර සුරක්ෂිතභාවය තහවුරු වන ලෙසත්, අන්තර්ජාතික සම්මූතීන්ට අනුකූලව සහ මතු පරම්පරාව වෙනුවෙන්ද ධීවර කර්මාන්තය සහ සාගර සම්පත් ආරක්ෂාවන ලෙසත්, තහනම් පන්න ක්‍රම භාවිතයට පැමිණීම වැළැක්වෙන ලෙසත් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
ඒ අනුව සියලු පාර්ශ්ව එක්ව කෙටි කාලයක් තුළ සාකච්ඡා මාර්ගයෙන් වඩාත් සුදුසුම විසඳුම් යෝජනා කර ගැනීමට මෙහි දී එකඟතාව පළ කෙරුණු අතර, විරෝධතාව නතර කිරීමට ද තීරණය කෙරිණි.
අදාළ සාකච්ඡා එළැඹෙන සඳුදා දින ආරම්භ කිරීමටත්, සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ දැනට මෙම ක්‍රමය යටතේ ධීවර කර්මාන්තයේ නියතු වූවන් මුහුණ දෙන කල්බදු ආදී ගෙවීම් ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් ලබා දීමටත් මෙහිදී වැඩිදුරටත් එකඟතාව පළ කෙරිණි.
ජනාධිපති මාධ්‍ය අංශය


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
