මෙරට විශාලතම නා වනය සහ දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳුවැටිය සහිත ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීම අවස්ථාවට ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර 602ක් පුරා විහිදුණු ජාතික නාමල් උයන: ජාතික, ආගමික, පාරිසරික සහ භූගෝලීය වටිනාකම් රැසක් එක්වී ඇති අද්විතීය ස්ථානයකි. ජාතික නාමල් උයන හඳුන්වා දී වසර 35ක් සැපිරෙන අවස්ථාවේ එම වටිනා පරිසර පද්ධතිය ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලැබීම පිළිබඳ සතුටු වන බව එයට සහභාගි වූ ජනාධිපතිවරයා පැවසී ය.
මෙම සුවිශේෂී පාරිසරික උරුමය සුරක්ෂිත කරමින්, අනාගත පරපුර වෙනුවෙන් උරුම කර දීමට සියලුදෙනා වෙත පැවරී ඇති ජාතික වගකීම මෙහිදී සිහිපත් කරමින් එදා මෙදා තුර නාමල් උයන ආරක්ෂා කර ගනිමින් එය සංවර්ධනය කිරීමට ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් ගන්නා වෙහෙස කෘතවේදීව අගයමින්, එම කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට උන්වහන්සේට නිදුක්, නිරෝගී සුවය සහ චිර ජීවනය ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපතිවරයා පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
