රෝහල් පද්ධතියේ ඖෂධ ප්‍රශ්න ඒ ආකාරයෙන් ම අඛණ්ඩව පවතින බවත්, වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා යනු සෞඛ්‍යයේ ප්‍රශ්න අමතක කළ සෞඛ්‍ය ඇමතිවරයෙක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (28) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එමෙන් ම සෞඛ්‍ය අමාත්‍යංශයේ වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය යනු දේශපාලනඥයින් වෙනුවෙන් මිස රටේ සෞඛ්‍ය වෙනුවෙන් පෙනී සිටින නිලධාරිනියක නොවේ යැයි ද වෛද්‍ය ප්‍රභාත් වැඩි දුරටත් පැවසී ය.
එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසුවේ වර්තමාන ආණ්ඩුව යහපත් රාජ්‍ය පාලනයක මූලිකාංග උල්ලංඝණය කර ඇති බවයි. එමෙන් ම ආණ්ඩුවේ ඉලක්කය වෛද්‍යවරුන් නැති රෝහල් සෑදීම යැයි ද හෙතෙම පැවසී ය.
මතු පළ වන්නේ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සහ වෛද්‍ය චමිල් විජේසිංහ දැක්වූ අදහස් අන්තර්ගත වීඩියෝපට යි.

