විහාරමහදේවි උද්යානයේ පැවති සත්යග්රහය පිටුපස සිටියේ කවුද, මුදල් පොම්ප කළේ කවුද යන්න දන්නා බව අමාත්ය නලින්ද ජයතිස්ස පවසයි.
අදාළ කරුණු වාර්තා වී ඇති බැවින් මේ අතර තියෙන සම්බන්ධය කුමක්ද යන්නත් ඒවා පොලිසියේ අදාළ අංශ වාර්තා කළ පසු තීන්දුවක් ගත හැකි බවත් නලින්ද ජයතිස්ස පැවසීය.
අමාත්යවරයා පැවසුවේ කිසිම මොහොතක මේ වසර දෙක තුළදීම ජාතිය හෝ ආගම පදනම් කරගෙන කිසිදු කණ්ඩායමකට හෝ පුද්ගලයකුට මේ රටේ යළිත් බෙදීමක්, අසමගියක්, අස්ථාවරත්වයක් නිර්මාණය කරන්නට අවස්ථාව නොසලසන බවයි.
"අපි දන්නවා විහාරමහදේවියේ සත්යග්රහයේ, කවුද මේක පිටිපස්සෙ හිටියේ කියන එක. කවුද මුදල් පොම්ප කළේ කියන එක. කවුද සෙනඟ ඇද්දේ කියන එක. ඒ ඔක්කොම ටික වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා මේ අතරේ තියෙන සම්බන්ධය අපි බලමු. ඒවා පොලිසියේ අදාළ අංශ වාර්තා කළාට පස්සේ තීන්දුවක් ගන්න පුළුවන්." යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
