බ්රසීල ජනාධිපතිවරයාගේ ජයග්රහණය එරට ප්රජාතන්ත්රවාදයට ශක්තියක් බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
එම පණිවිඩයේ මෙසේ සඳහන් වේ.
"බ්රසීලයේ ජනාධිපතිවරයා ලෙස ඔබතුමා නැවත තේරී පත්වීම වෙනුවෙන් මගේ උණුසුම් සුබපැතුම් පිළිගන්න.
ක්රියාකාරී මැතිවරණ ව්යාපාරයකින් පසු සිව්වන වරටත් ජයග්රහණය කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ බ්රසීල ජනතාව ඔබතුමාගේ නායකත්වය කෙරෙහි අඛණ්ඩව තබන දැඩි විශ්වාසයයි. එය බ්රසීල ප්රජාතන්ත්රවාදයේ ශක්තියටද කරන ලද උපහාරයකි.
ඔබතුමාගේ මෙම ජයග්රහණය ලෝකයේ අපගේ මෙම කොටසේ බොහෝ දෙනෙකුට සහනයක් ගෙන දුන්නේය.
ඔබතුමාගේ නායකත්වය බ්රසීලයෙන් ඔබ්බටද බෙහෙවින් වැදගත් වේ. BRICS සංවිධානය සාමාජිකත්වයෙන් සහ බලපෑමෙන් වර්ධනය වන විට, ගෝලීය මූල්ය, වෙළඳාම සහ සංවර්ධනය යන අංශවලදී ගෝලීය දකුණට (Global South) වඩාත් ස්ථිර හඬක් ලබා දෙන සංසදයක් බවට එය පත් කර ගැනීමට ඔබතුමාගේ සහය අපේක්ෂාවෙන් ලෝකය බලා සිටිනු ඇත. දේශගුණික ක්රියාකාරීත්වය, ආහාර සුරක්ෂිතතාව සහ ජාත්යන්තර ආයතන ප්රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ඔබතුමා කරන කැපවීම, ශ්රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් ඉතා අගයනු ලැබේ.
ඔබතුමාගේ නව ධුර කාලය ආරම්භයේදී ඔබට ශක්තිය සහ සියලු ජයග්රහණ ප්රාර්ථනා කරන අතර, බ්රසීල ජනතාවට සාමය සහ සමෘද්ධිය අත්වේවායි ප්රාර්ථනා කරමි."
එම ලිපිය පහළින්>>

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
