හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
බ්රවුන්ස් හිල් (Brown's Hill) ඉඩම් නඩුව සම්බන්ධයෙන් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය මාතර මහෙස්ත්රාත් චතුර දිසානායක විසින් නිකුත් කළේය.
ඒ අනුව දුටු තැන අල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි
මාතර එළියකන්ද පාර, බ්රවුන්ස් හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහෙස්ත්රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට ඔහු පසුගිය මැයි 22 වැනිදා පෙනී නොසිටීම හේතුවෙන් මුල් වරට වරෙන්තු නිකුත් කෙරිණි.
පොලිස් මූල්ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහෙස්ත්රාත් අධිකරණයේ මෙම නඩුව පවරා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
