DO පරික්ෂණය කල්දමන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි !

DO පරික්ෂණය කල්දමන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි !

සංවර්ධන නිලධාරී III වන ශ්‍රේණියේ 3 වන කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණය 2018.06.30 වන දින පැවැත්වීමට නියමිතව නමුත් දැනට රට පුරා කි‍්‍රයාත්මක තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් එය කල්දමා  තැපැල් වර්ජනය අවසන් වූ පසු විභාග දෙපාර්තමේන්තු කාලසටහන අනුව යළිත් මෙම විභාගය පැවැත්විය හැකි ආසන්නතම දිනයක මෙම විභාගය පැවැත්වීමට කටයුතු යොදන මෙන්  සංවර්ධන නිලධාරී සේවා සංගමය ඉල්ලා සිටියි.

විභාග කොමසාරිස් වෙත ලිපියක් යොමුකරමින් එම සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මෙම ඉල්ලීම සිදුකර ඇත. 

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් ආකාරයට 19000 ක් වන විභාග අයදුම්කරුවන් සඳහා නිවැරදි ලෙස හා කල්වේලා ඇතිව විභාග ප‍්‍රවේශ පත‍්‍ර ලබාගැනීමේ ප‍්‍රායෝගික ගැටලූ හේතුවෙන් අදාල විභාගය කල්දමන මෙන්   සංවර්ධන නිලධාරී සේවා සංගමය  2018.06.20 වන දින ද විභාග කොමසාරිස් වෙතින් ඉල්ලා ඇති අතර  ඒ අනුව  එදිනම රාති‍්‍ර කාලයේ ප‍්‍රවෘත්ති තුල අදාල විභාගය කල්යන බව මාධ්‍ය මගින් ප‍්‍රචාරය වී ඇත. 

නමුත් යළි නැවත විකල්ප ක‍්‍රම භාවිතා කර අදාල විභාගය පැවැත්වීමට තීරණය කර ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව  සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන් කර සිටින්නේ කුමන බාධක මැද හෝ කාර්යක්‍ෂමතා කඩයිම් පරීක්‍ෂණය පවත්වා සංවර්ධන නිලධාරින් ස්ථිර කිරීම කඩිනම් කිරීම පිළිබඳව තම සංගමයේ  කිසිදු විරුද්ධත්වයක් නැති නමුත්  මතුවන ප‍්‍රායෝගික ගැටලූ සැලකිල්ලට ගැනීම හා 19000 ක් වන විභාග අයදුම්කරුවන් අපහසුතාවයට පත්වන ලෙස විභාගය පැවැත්වීම තුලින් යහපත් හා නිරවුල් මානසිකත්වයකින් විභාග අයදුම්කරුවන්ට පෙනී සිටීමේ හැකියාවක් නිර්මාණය නොවන හේතුව මත මෙසේ විභාගය කල්දමා දෙන ලෙසය.

එසේම ඊට අදාළ තවත් ප්‍රධාන කාරනා 3ක් ද අදාළ ලිපියේ දක්වා ඇත. ඒ, 1. 2018.06.20 වන දින විභාගය කල්යන බව ප‍්‍රසිද්ධ මාධ්‍ය මගින් නිවේදනය වීම හරහා මේ වනතෙක් විභාග අයදුම්කරුවන් දැනුවත්ව ඇති නිල නිවේදනය වන්නේ විභාගය කල්ගොස් ඇති බවය. 2. විභාගය පැවැත්වෙන බව අද දින (25) දින යළි දැනුම් දුන්නද විභාගය පැවැත්වෙන බව දැනගැනීමේ දිනය හා පැවැත්වෙන දිනය අතර ඇත්තේ හරියටම දින 04 ක් පමණි.  

3. තැපැල් වර්ජනයට විකල්පයක් ලෙස අදාල අයදුම්කරුවන් සඳහා online  ක‍්‍රමය හරහා අයදුම්පත් ලබාගැනීමට කටයුතු සලස්වා විභාගය පැවැත්වීමට තීරණය කර ඇති නමුත් රට පුරා සියලූම රාජ්‍ය ආයතනවල එවැනි online  තාක්‍ෂණික පහසුකම් නොමැතිකම හා යළිත් පෞද්ගලිකව එම ක‍්‍රමය හරහා අයදුම්පත් ලබාගැනීමේදී යළි ඒ සඳහා මුදලක් ගෙවීමට සිදුවීම, කෙටි දින කිහිපයක් ඇතුලත අයදුම්පත් ලබාගැනීම සඳහා වන අපහසුතාවය හා ව්‍යාකූලත්වය මත විභාග අයදුම්කරුවන්ට යහපත් මානසිකත්වයකින් විභාගයට පෙනී සිටීමට නොහැකි වීම.
වශයෙන්ය.

විභාගය 30 අනිවාර්යයි !

නමුත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ  නිලධාරී සේවයේ 1 වැනි කාර්යක්ෂමතා කඩඉම් විභාග කලින් තීරණය කර තිබූ පරිදි මේ මස 30 වැනිදින පැවැත්වෙන බවය. එම විභාගයට අදාල විභාග ප්‍රවේශපත්‍රය අයදුම්කරුවන්ට සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතාකර විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියේ News headline යටතේ බාගත කර ගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමට නොහැකි අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ දුරකතන අංක 1911 , 011 - 2785230 , 011 - 2177075 ඔස්සේ විමසීම් කර ෆැක්ස් මගින් ගෙන්වා ගත හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න