සර්වජන බලය පක්ෂයේ දිනුම් අමුණුගම විසින් අටමස්ථානාධිපති හිමියන්ගේ සිදුවීමට අදාල දැරිය ගණිකාව ලෙස ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය හරහා සිදුවන ප්‍රචාර වැරැදි සහගත බව පවසනවා.
අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ එදින තමන් එම ප්‍රකාශය කළේ අනුරාධපුර සිදුවීමට අදාළ පරීක්‍ෂණ මෙතෙක් දුර ගොස් තිබෙන්නේ නිට්ටඹුව සිදුවූ වැටලීමකදී එහි සිටි කාන්තාවක ලබා දුන් ප්‍රකාශයක් මත පදනම්ව බවයි.
තමන්ට දැනගන්නට ලැබුණු සහ ආරංචි වූ ආකාරයට තමා මෙම ප්‍රකාශය සිදු කළ බවත් මාධ්‍ය මගින් ඒ විකෘති කර ප්‍රකාශ කර ඇති බවත් ඔහු සඳහන් කළා. කෙසේ වුවද තමන් සිදු කළ ප්‍රකාශය හේතුවෙන් අදාළ දරුවාට කිසියම් කෙනෙකුට පාර්ශවයකට හෝ පොදුවේ සමාජයටත් යම්කිසි සිත් රිදවීමක් හෝ අපහසුතාවක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් බලවත් කනගාටුව ප්‍රකාශ කරන බව දිළුම් අමුණුගම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පෙර ප්‍රකාශය
https://newstube.lk/news/26880-2026-05-21-07-06-04
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
