ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තය නව මාවතකට යොමු කරමින්, පරිපූර්ණ වූ නව ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සිනමා පාසලක් (National Film School) ස්ථාපිත කිරීම සඳහා වන විද්වත් රැස්වීමක් 2026 ජූනි 18 වන දින ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි.

දේශීය සිනමා ක්ෂේත්රයට අවශ්‍ය වෘත්තීය දැනුම, කලාත්මක නිපුණතා සහ නව තාක්ෂණික හැකියාවලින් සන්නද්ධ නව පරපුරක් බිහිකිරීම උදෙසා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අමාත්‍යාංශයේ දී පැවැත්වුණු විශේෂ සාකච්ඡාවේ තීරණවලට අනුකූලව මෙම රැස්වීම සංවිධානය කර තිබිණි.
ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව ගේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම විශේෂ සාකච්ඡාව සඳහා ලෝකයේ ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා පාසල් සහ විශ්වවිද්‍යාලවලින් සිනමාකරණය පිළිබඳ හදාරා ඇති, ක්ෂේත්රයේ සක්‍රීයව කටයුතු කරන ප්‍රමාණික විද්වතුන් සහ සිනමාකරුවන් පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර සහ සහකාර සාමාන්‍යාධිකාරී (අධ්‍යාපන ප්‍රවර්ධන හා සංස්කෘතික) අමිල ජයකොඩි ද එක්ව සිටියහ.
යෝජිත සිනමා පාසල ගෝලීය ප්‍රමිතිවලට අනුකූලව නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ විෂයයීය දත්ත ලබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර, ඒ වෙනුවෙන් ලෝකයේ විවිධ සිනමා සම්ප්‍රදායන් නියෝජනය කරන පහත විද්වතුන් තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.

1. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන (ප්‍රමාණික විද්වත් හා සිනමා විචාරක).
2. චිත්‍රපට අධ්යක්ෂ විමුක්ති ජයසුන්දර (ප්‍රංශයේ කීර්තිමත් Le Fresnoy, Studio national des arts contemporains ආයතනයෙන් සිනමාව හදාරා ඇති, කෑන්ස් සම්මානලාභී)
3.චිත්‍රපට අධ්යක්ෂ චින්තන ධර්මදාස (පෝලන්තයේ සුප්‍රකට Lodz සිනමා පාසලෙන් සිනමාකරණය හදාරා ඇති සම්මානනීය කෙටි චිත්‍රපට අධ්යක්ෂ)
4. තරිඳු රාමනායක (ඉන්දියාවේ කීර්තිමත් සත්‍යජිත් රායි සිනමා හා රූපවාහිනී ආයතනයේ (SRFTI) අධ්‍යයනලාභී)
5. චිත්‍රපට අධ්යක්ෂ බූඩි කීර්තිසේන (ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පිහිටි සුප්‍රකට School of Visual Arts (SVA) හි අධ්‍යයනලාභී.)
6. ප්‍රභාත් චමින්ද (රුසියාවේ සුප්‍රකට Saint Petersburg විශ්වවිද්‍යාලයේ සිනමාකරණය පිළිබඳ අධ්‍යයනලාභී)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
