කොළඹ වදුල්ලවත්ත ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය ඉදිරිපිට ඇති විවෘත කාණුව වසර කිහිපයක් තිස්සේ ප්ලාස්ටික්, පොලිතීන් සහ වෙනත් අපද්‍රව්‍ය සිරවීම නිසා වර්ෂා කාලයේ දී පිටාර ගැලීමට ලක්වන ස්ථානයකි. මේ හේතුවෙන් ඒ ඉදිරිපිට පදිංචි වදුල්ලවත්තේ ජනතාව දැඩි අසීරුතාවලට මුහුණ දෙයි. වර්ෂා කාලයේ දී පැති දෙකක පිහිටි කාණුවලින් ගලා එන වතුර, කාණුවේ පිහිටි "සන්ධියක්" හරහා භූගතව ගොස් අසළ පිහිටි වදුල්ල ඇළට වැටේ. විවෘත කානුවල රැඳී ඇති ප්ලාස්ටික් පොලිතීන් සහ වෙනත් ඝන අපද්‍රව්‍ය සැලකියයුතු ප්‍රමාණයක් මේ නිසා වදුල්ල ඇළට එක්වේ. වදුල්ල ඇළ කොළඹ නගරය තුළ අධිකතර දුෂණයට සහ පරිසර හායනයට ලක්වූ ස්ථානයකි.
මැද ස්ථරයක් නිර්මාණය කරන්නේ ඇයි...?
ඒ කාණුවේ දකුණු පස පිහිටි ප්‍රදේශයේ මීටර් එකසිය විස්සක කොටසක් තෝරා ගෙන එයට දැල් සහිත මැද ස්ථරයක් නිර්මාණය කිරීමත්, ඒ අතරට මීටර් තිහේ පරතරවලින් දැල් සහිත බින් එකක් රැඳවිමත්, පැති දෙකක පිහිටි කාණු වලින් ගලා එන වතුර එකට එක්වන කාණුවේ පිහිටි "සන්ධිය," සහ තෝරා ගත් තවත් දැල් සහිත බින් එකක smart IoT monitoring unit දෙකක් සවිකිරීමත් අපේ පළමු ව්‍යාපෘතියේ කාර්යභාරය විය. අප මේ කාණුවට මැද ස්ථරයක් නිර්මාණය කරන්නේ කාණුවට වැටෙන ප්ලාස්ටික්, පොලිතීන්, වැලි සහ රොන් මඬ ඒ ස්ථරය තුළම රඳවා ගැනීමටත්, වැසි වැටෙන විට ඒ වැහි වතුර බාධාවකින් තොරව ගලා යාම සඳහා කාණුවේ පහළ කොටසට ඉඩ සැලසීමටත් ය.
ජල බවුසර් දෙකක්; කෘතීම වැස්සක්
මේ අමතර මැද ස්ථරය නිසා කාණුවේ ඩිසයින් කැපෑසිටියට hydraulic capacityයට සිදුවන බලපෑම ගණනය කළ යුතු විය. ඒ සඳහා වතුර බවුසර් දෙකක් යොදාගනිමින් කෘතීම වැස්සක් නිර්මාණය කළෙමු. ඒ වැසි ජලය, මැද ස්ථරය සහිත කාණු කොටස හරහා ගලද්දී එහි වේගයේ වෙනස්වීම අපි මැන ගත්තෙමු. ඒ සඳහා අපට සහාය වූයේ National Building Research Institute - NBRI හි රුවන් ඇතුළු කණ්ඩායමයි. මේ කටයුත්ත අධීක්ෂණය කළේ මහනුවර මහනගර සභාවේ නාගරික ජලවහන ඉංජිනේරු දිනුක සෙනෙවිරත්න විසිනි.
ඊළඟ කටයුත්ත මැද ස්ථරය සහිත කාණු කොටස සම්පූර්ණයෙන්ම එම ප්‍රදේශයේ එකතු වූ කසළවලින්, මඩ සහ වැලිවලින් පිරවීමත් එසේ අධිකව කුණු පිරුණු කානුවක් තුළින් මඳ සහ තද වැස්සක දී වැහි වතුර ඊට පහළ ස්ථරයට යන්නේද යන්න නිශ්චය කරගැනීමත් ය.
හදිසි "නාගරික ගංවතුර තත්ත්වයක්" වර්ධනය වීමට පෙර එය හඳුනාගැනීම
මේ සියලු තත්ත්ව යටතේ IoT සිස්ටම් එක ක්‍රියාත්මක වන ආකාරය නිශ්චය කරගැනීම අවසන් අරමුණ විය. IoT සිස්ටම් එක මගින්, කානුව ඇතුළෙන් ගලන ජල ප්‍රවාහයේ වේගය සහ කාණුවේ දැල් සහිත බින් එක තුළ රැඳුණු කසළ ප්‍රමාණය, මේ කටයුත්ත වෙනුවෙන් සැකසුණු ඩෑෂ්බෝඩ් එකක් මගින් ප්‍රදේශයේ ජනතාවට සහ නගර සභාවේ කාර්යමණ්ඩලයට බලාගත හැකි ය. එහි දත්ත අනුව දිනපතා නගරය පිරිසිඳු කිරීමේ කටයුතු සැලසුම් කළ හැකි ය; ප්‍රමුඛතාව දියයුතු ස්ථාන හඳුනාගත හැකි ය. එමෙන්ම බින් එක තුළ රැඳුණු කසළ ප්‍රමාණය අදාළ සීමාව ඉක්මවන විට ප්‍රදේශයේ කසළ එකතු කිරීම් භාර අයට, වැඩ අධිකාරිවරුන්ට කෙටි පණිවිඩ හරහා දැනුම් දීමක් සිදු කෙරේ. ප්‍රදේශයේ පොදු වට්සැප් ගෘප් එකට, හෝ සෝෂල් මිඩියා පේජ් එකේ පෝස්ට් එකක් ලෙස ද ඒ තොරතුරු ලබාදෙනු ඇත.
කාණුව ඇතුළෙන් ගලන ජල ප්‍රවාහයේ වේගය සහ කාණුව ඇතුළත වතුර මට්ටමේ උස රියල් ටයිම් සටහන් වන නිසා, හදිසි "නාගරික ගංවතුර තත්ත්වයක්" වර්ධනය වීමට පෙර එය හඳුනාගැනීම සහ දැනුවත් වීමේ වාසිය ද මේ ක්‍රමය හරහාම ලැබේ. කල්ගත්විමේදී, IoT සිස්ටම් එක තුළින් ජනනය කෙරෙන දත්ත අදාළ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ද, නගරයේ කසළ සහ වැහි ජලය කළමනාකරණ කටයුතු වඩා හොඳින් මෙහෙයවීම සඳහාද සහාය වනු ඇත.
මේ ධූරන්දර් නම්බර් වන් ය. අපි දශක එකහමාරක් මේ වෙනුවෙන් වැඩ කළෙමු. ඒ සඳහා වන ස්තූතිය මාගේ කණ්ඩායමට ය. ව්‍යාපෘතියේ පහසුකම් සපයන්නා වන ඇක්සස් ඉංජිනියරින් ආයතනයට ය, වදුල්ලවත්ත ජනතාවට ය, රජයේ නිලධාරීන්ට ය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට සහ කොළොන්නාව නගරසභාවට ය.
ලොව පළමු ස්මාට් කාණුව ඇත්තේ කොලොන්නාව වදුල්ලවත්තේ ය, උමාර් ග්‍රාම නිලධාරීතුමා ගේ වසමේ ය.
නදීශා චන්ද්‍රසේන




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
