2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල මෙම මස 8වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ
මෙවර පැවැත්වෙන්නේ 69වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ බවත්, පසුගිය වර්ෂයේ සිට මේ දක්වා භාෂාත්‍රයෙන්ම මුද්‍රිත ග්‍රන්ථ 1500 කට අධික ප්‍රමාණයක් මෙවර සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කර තිබූ බව ද හෙතෙම පැවසී ය.
සාහිත්‍ය අනු මණ්ඩලයේ අධීක්ෂණය යටතේ වට තුනක දී පූර්ණ විනිවිදභාවයෙන් යුතුව ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සම්මාන ලබා දීම සඳහා මෙම කෘති තෝරා ගත් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය. ඒ අනුව: නවකතා , කෙටි කතා , කාව්‍ය , ශාස්ත්‍රීය ග්‍රන්ථ , පරිවර්තන ආදී ක්ෂේත්‍ර යටතේ මෙවර සම්මාන ලබා දීමට නියමිත බව සඳහන් කළ හෙතෙම ලේඛක ලේඛිකාවන් 150කට වැඩි පිරිසකට සම්මාන පිරිනැමෙන බව ද පෙන්වා දුන්නේ ය.

සාහිත්‍ය ප්‍රගමනය සඳහා මෙවැනි ඇගයීම්වල අවශ්‍යතාවය පෙන්වා දුන් හෙතෙම, මෙවර ද පසුගිය වසරේ හඳුන්වා දුන් ජාතික භාෂා සම්මානය පිරිනැමීම සිදුකරන බවත්, එසේම ජනප්‍රවාද සහ චරිතාපදාන සඳහා මෙවර වෙනම සම්මාන ලබා දෙන බවත්, මෙම සියලු සම්මාන සඳහා ලේඛක, විචාරක, පාඨක අදහස් ලබා ගැනීමට වසරක් පුරා කටයුතු කළ බව ද පෙන්වා දුන්නේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
