Image

රජත පුස්තක සම්මාන ලද්දෝ…

රජත පුස්තක සම්මාන ලද්දෝ…

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන රජත පුස්තක සම්මාන උලෙළෙහි 10වන සම්මාන ප්‍රධානය ඊයේ (03) කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී පැවැත්වුණි.

මෙම උලෙළෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස මෙවර සහභාගි වූයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර ය.

රජතපුස්තක 2026 උලෙළෙහි අවසන් වටය සඳහා:

මාරියෝ ප්‍රනාන්දු විසින් රචිත ''ප්‍රතිබිම්බ'', දුමින්ද ජයවර්ධන විසින් රචිත ''දිය කොත කන්දේ සන්නාලියෝ'', ජයන්ත කහටපිටිය විසින් රචිත ''සීගිරි කාශ්‍යපට BIRTHDAY CAKE එකක්'' සහ නිරංජලා සරෝජනී විසින් රචිත ''අපටත් කම්පියුරයක්'' නමැති යොවුන් සාහිත්‍ය කෘති හතර ද,

මහාචාර්ය සාලිය කුලරත්න විසින් රචිත ''මනෝ මායාව'', සුජිත් ප්‍රසංග විසින් රචිත ''නාන් කඩේ සැමොලිනා'', චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචිත ''සීලවතී සින්ඩ්‍රෝමය'' සහ පියල් කාරියවසම් විසින් රචිත ''රිදී රැයකි කළු දිවියෙකි'' නමැති කෙටිකතා සංග්‍රහ හතර ද,

දිනූ රාජගුරු විසින් රචිත ''අඬගසයි මට රාත්‍රිය'', නුවන් තොටවත්ත විසින් රචිත ''පුරුදු පා සලකුණකි බොර වූ පොකුණ ළඟ'', රසිකා මුහන්දිරිම්ගේ විසින් රචිත ''හඳ මායාකාර ගැනියක්'' සහ ප්‍රගීතිකා ජයසේකර විසින් රචිත ''වසිලිස්සා වැස්සේ'' නමැති කාව්‍ය සංග්‍රහ හතර ද නිර්දේශ වී තිබුණි.

මෙම කෘති අතුරින්: ජයන්ත කහටපිටිය විසින් රචිත ''සීගිරි කාශ්‍යපට BIRTHDAY CAKE එකක්'' නමැති යොවුන් සාහිත්‍ය කෘතිය, පියල් කාරියවසම් විසින් රචිත ''රිදී රැයකි කළු දිවියෙකි'' නමැති කෙටිකතා සංග්‍රහය සහ ප්‍රගීතිකා ජයසේකර විසින් රචිත ''වසිලිස්සා වැස්සේ'' නමැති කාව්‍ය සංග්‍රය මෙවර ප්‍රශස්ත ම කෘති ලෙස සම්මානයට පාත්‍ර වූයේ ය. 

winnersrpwi

 

literaryawards2026

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න