Image

ආරක්ෂක නිලධාරියාට පහරදීම ගැන ස්වාධීන පරීක්ෂණයක් සිදුකර කුමක් අරඹයා සිදු කළේද යන්න හෙළි කළ යුතුයි - වජිර අබේවර්ධන

ආරක්ෂක නිලධාරියාට පහරදීම ගැන ස්වාධීන පරීක්ෂණයක් සිදුකර කුමක් අරඹයා සිදු කළේද යන්න හෙළි කළ යුතුයි - වජිර අබේවර්ධන

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අධිකරණයේ පැවති නඩු කටයුත්තකට පෙනී සිට ආපසු පැමිණෙමින් සිටියදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමක් සිදුවූ බවට වාර්තා වන සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන හා නිදහස් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, එය කුමක් අරඹයා සිදු කළේද යන්න සමාජයට හෙළි කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂය පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.

ඊයේ (01) කොළඹ, මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මේ බව ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතියට අනුව විමර්ශන කටයුතු සිදු වනු ඇතැයි අපේක්ෂා කළද, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් මෙය "සුළු සිදුවීමක්" හෙවත් "අහඹු සිදුවීමක්" ලෙස සිදුකර තිබෙන ප්‍රකාශය හේතුවෙන් මීට අදාළ පරීක්ෂණ කෙසේ සිදුවේද යන්න පිළිබඳව ප්‍රශ්නයක් මතු වන බව ද සභාපතිවරයා පැවසුවේය.

අතීතයේදී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාට ආචාර පෙළපාලියේ සිටි ආරක්ෂකයෙකු තමා අත තිබූ අවියෙන් පහර දුන් ආකාරය මතක් කරදුන් වජිර අබේවර්ධන, යම් උපකරණයක් හෝ අවියක් ආත්ම ආරක්ෂාවට මෙන්ම කිසිදු හේතුවක් නොමැතිව කෙනෙකුගේ ජීවිතයක් විනාශ කිරීමටද භාවිතා විය හැකි බව පෙන්වා දුන්නේය. එම නිසා මෙහිදී පහරදීමට යොදාගත් මාධ්‍ය (කැමරාව) කුමක්ද යන්නට වඩා මේ සිදුවීම ස්වාධීන පරීක්ෂණයක් තුළින් අවසන්වීම දැකීම තම පක්ෂයේ බලාපොරත්තුව බව ඔහු සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න