Image

මෙට්‍රෝ බස්වලට අනතුරු කරන පෞද්ගලික බස් රියදුරන්ට නීතිය තදින්ම!

මෙට්‍රෝ බස්වලට අනතුරු කරන පෞද්ගලික බස් රියදුරන්ට නීතිය තදින්ම!

කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සහ මගී ජනතාවට පහසු ප්‍රවාහන සේවයක් සැලසීම සඳහා මාර්ග 7ක් ඔස්සේ ධාවනයට එක්කර ඇති 'මෙට්‍රෝ බස්' රථ ඉලක්ක කරගනිමින්, පෞද්ගලික බස් රථ රියදුරන් විසින් හිතාමතා අනතුරු සිදුකිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසයි.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

අතුරුගිරිය මිලේනියම් සිටි ආසන්නයේදී, රාජගිරිය, කැස්බෑව, බොරැල්ල සහ කොල්ලුපිටිය යන ප්‍රදේශවලදී මෙට්‍රෝ බස් රථ ඉලක්ක කරගනිමින් මෙලෙස හිතාමතා අනතුරු සිදුකර ඇති බවට හඳුනාගෙන තිබේ.

මෙලෙස හිතාමතා අනතුරු සිදුකිරීම් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, ඊට අමතරව බලපත්‍ර නොමැතිව රිය පැදවීම ඇතුළු සියලු මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න