Image

ඥානසාර හිමියන් නැවත සිරගත වීම ගැන මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක්!

ඥානසාර හිමියන් නැවත සිරගත වීම ගැන මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක්!

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබා දී තිබූ 'ජනාධිපති සමාව' සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් තීරණය නිවැරදි බවත් තමන් එම තීන්දුවට ගරු කරන බවත්,

එවකට ජනාධිපති කාර්යාලයේ නීති අංශය භාරව සිටි අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය මගින් සිදුව ඇති වරද හේතුවෙන් උන්වහන්සේට නැවත සිරගත වීමට සිදුව ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අන්තර්ජාලයෙන් ලබාගත් අධිකරණ තීන්දුවේ පිටපතක් අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කරන බව පවසන හිටපු ජනාධිපතිවරයා, මෙම සිද්ධිය සිය නිලධාරීන් එවකට සිදුකළත් ගෞරවනීය මහා සංඝ රත්නයෙන් සිදු වී ඇති වරදට තමන් සමාව ඉල්ලා සිටින බව සඳහන් කරයි.

ඥාණසාර හිමියන් නැවත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය තීරණය කර ඇත්තේ, උන්වහන්සේ නිදහස් කිරීම සඳහා එවකට ජනාධිපති කාර්යාලයෙන් ඉදිරිපත් කළ ලිපි ලේඛනවල පැවති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බව එම නඩු තීන්දුවේ සටහන්ව ඇති බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

 

අත්සන පමනක් ලබා ගෙන ඉල්ලීම අමාත්‍යංශයට යොමු කර නෑ

ඥාණසාර හිමියන්ට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ B/7417/10 (අධිකරණයට බාධා කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම) සහ 40042 යනුවෙන් නඩු දෙකක් පැවැති බවත්, එම නඩු දෙකට අදාළව සමාව දීම සඳහා අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු බව නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය තමන්ට දැනුම් දී තිබුණද, අදාළ ඉල්ලීම එම අමාත්‍යාංශයට යොමුකර නැති බවත් නිවේදනයේ දක්වා ඇත.

ඒ අනුව, අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිව තමන්ගේ අත්සන පමණක් ලබා ගෙන ඇති බවත් එය තමාව නොමග යැවීමක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇත.

පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයක් හරහා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අධිකරණය හමුවේ කළ පැමිණිල්ලකට අදාළ නඩුවෙන් මෙම තීරණය ලැබී ඇති අතර, තමන් ජනාධිපති ධුරය දැරූ සමයේ තම නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය මගින් සිදුවී ඇති වරද අනුව ඥාණසාර හිමියන්ට නැවත සිරගත වීමට සිදු වූ බව හිටපු ජනාධිපතිවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.

අදාළ නිවේදනය පහළින්>>

maithreepalasirisenawi

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න