Language Switcher

V2025

2015  දී මහින්ද දිනන බව කියූ "ද ඉකොනොමිස්ට්" : 2020 ත් මහින්ද දිනන බව කියයි !  

වසර 2020දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ( පොහොට්ටුව) ජය ගන්නා බවට බ්‍රිතාන්‍යයේ පිහිටි Economist Intelligence Unit (EIU) නමැති උපදේශන සහ ජනමත සමීක්ෂණ සේවා ආයතනය පවසයි.

 ලංකාවේ වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ බලය පිරිහෙමින් පවතින බවත්, කලකිරීමට පත් ශී‍්‍රලනිප පාක්ෂිකයින් ශී‍්‍රලපොපෙ සමග අත්වැල් බැඳ ගනු ඇති බවත් එම ආයතනය සිදු කළ නවතම විශ්ලේෂණයක දැක්වේ.

පවතින රජය 2020 දක්වා පවතිනු ඇති නමුත්, පාලනයේ බහුතර බලය ගිලිහී යෑම නිසා ප‍්‍රතිපත්ති සම්පාදනයට බාධා පැමිණෙනු ඇති බව ද එහි සඳහන්ව ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහාය ලැබෙන ශී‍්‍රලපොපෙ 2020 ජනාධිපතිවරණය දිනාගෙන රජයක් පිහිටුවනු ඇති බව ද EIU සඳහන්කර ඇති අතර එම පක්ෂය 2018 දී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ජය ගැනීමෙන් ඒ බව සනාථ වන බව ද එහි සඳහන්ව ඇත.

තවද හිටපු ජනාධිපතිවරයාගේ ඥාතියෙකු හෝ සමීපතමයෙකු ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය ලබාගනු ඇති බවට ද EIU අනාවැකි දක්වා ඇත.

මහින්දට 2015 ජයගන්නා බවට EIU 2014 දී කියපු කතාව !  

කෙසේ වුවත් 'ද ඉකොනොමිස්ට්'   විසින් මෙරට ජනාධිපතිවරණය ඉලක්ක කර 2014 දීද මෙවැනිම පුවතක් අනාවරණය කරනු ලැබිණ. 

Capture
 නමුත් එහිදී එම අනාවැකිය අසත්‍ය විය. 

මේ පිළිබඳ කරුණු සඳහන් කරන සමාජ මාධ්‍ය විශ්ලේෂකයන් සඳහන් කර සිටින්නේ 'ද ඉකොනොමිස්ට්'   වැනි ආයතන වෙත මුදල් ගෙවා මෙවැනි වාර්තා පළකර ගැනීමේ හැකියාවක් පවතින බවය.

එසේම එවැනි ආයතන විසින් නිකුත්කරන මෙවැනි පුවත් අනාවරණ බොහෝවිට වැදගත් වන්නේ අදාළ රටට පමණක් වන බවද ඔවුන් පෙන්වා දෙයි.

Mahinda Rajapaksa likely to win presidential election මැයෙන් එවර එම පුවත   ද ඉකොනොමිස්ට් විසින් ප්‍රචාරය කර සිටියේ 2014 දෙසැම්බර් 18 වැනි පැවති ජනාධිපතිවරණයට ඉතාම ආසන්න දිනයකදී බවත් ඔවුන් පෙන්වා දෙයි. 

එසේම මෙවැනි ආයතන ලංකාව වැනි රටවල් සම්බන්ධයෙන් විදිමත් ආකාරයෙන් සමීක්ෂණ සිදු නොකොට මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින් මෙවැනි වාර්තා පලකරන අතර ඒ හේතුවෙන් මේ වන විට අදාළ ආයතන වල සමීක්ෂණ වාර්තා සම්බන්ධව පවතින විශ්වසනීයත්වය දුර්වලව ඇති බවද මාධ්‍ය විශ්ලේෂකයන් සඳහන් කරයි.