මැන්ඩෙලා ගිය පාරේ යන්න : මෛත්‍රී  ලෝක නායකයින්ට ආරාධනා කරයි!

මැන්ඩෙලා ගිය පාරේ යන්න : මෛත්‍රී  ලෝක නායකයින්ට ආරාධනා කරයි!

නෙල්සන් මැන්ඩෙලා ගිය මගෙහි යාමට . ජනපති ලෝක නායකයින්ට ආරාධනා කරයි.

නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලූ නායකයින්ට ආරාධනා කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන  පවසයි.

ජනාධිපතිවරයා  මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව ඊයේ  (24) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතමිනි. 

නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් මෙම සාම සමුළුව  සංවිධානය කර තිබුණි. 

සාමය, සංහිඳියාව සහ මානවවාදය පිළිබඳ  ලෝකයට වැදගත් පාඩම් කියාදුන් විශිෂ්ට චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය අද සියලූ ලෝක නායකයින් අධ්‍යයනය කළයුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය. 

නෙල්සන් මැන්ඩෙලාගේ විශිෂ්ට චරිතය හා එම ගමන් මග සිහිපත් කිරිමට සිදුව ඇත්තේ අද ලෝකය ගමන් ගන්නේ එවන් මගක නොවන නිසා බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා බලය අතහැරීම සහ බලය සීමාකිරීම පිළිබ`ද එතුමාගේ චරිතය ආදර්ශයන් රැුසක් ලබාදුන් බව  සඳහන්  කළේය. සාමය පිළිබඳ  ගමන් මග ලොවට කියා දුන් ශ්‍රේෂ්ට මානවවාදී චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය වෙනුවෙන් මෙවන් සාම සමුළුවක්  සංවිධානය කිරීම පිළිබඳ  ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත  ස්තූතිය පිරිනැමීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න