කර්නල් රත්න ප‍්‍රිය බන්දු 'අහන්න' සමඟ එක්වෙයි !

කර්නල් රත්න ප‍්‍රිය බන්දු 'අහන්න' සමඟ එක්වෙයි !

පාසල් කේන්ද්‍ර කරගත් "අහන්න" වැඩසටහන තුළින් පාසල් දරුවන් අතර ජාතික සමඟිය සහ සංහිඳියාව පිළිබඳව ආකල්පමය වෙනසක් ඇති කිරීමේ මුල් අදියර පසුගිය 15 වනදා  අවිස්සාවේල්ල ශාන්ත මරියා විදුහලෙන්  ආරම්භ විය. 

මෙවර මෙම වැඩසටහන සදහා සම්පත් දායකයෙකු වශයෙන් කිලිනොච්චිය සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු අණදෙන නිලධාරී කර්නල් රත්න ප‍්‍රිය බන්දු මහතා එක්ව සිටියි. 

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකාය නියෝජනය කළ අයෙක් වන අතර සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට පසු කාලීනව අනුයුක්ත විය. කිලිනොච්චිය ප්‍රදේශයේ ජනතාව සමග ඉතා සුහදශීලව කටයුතු කළ මොහු වසර හයක සේවා කාලයෙන් පසු 2018 ජුනි 10 වන දින අඹේපුස්ස යුධ හමුදා කඳවුරට ස්ථාන මාරුවක් ලැබීම හේතුවෙන් පසුගිය සමයේ මාධ්‍ය අවධානයට ලක්විය. 

ස්ථාන මාරුව ලබා එන මොහොතේ කිලිනොච්චිය ජනතාව තම පවුලේ සාමාජිකයකු තමන්ගෙන් වෙන්ව යන්නාක් මෙන් කදුලු පිරි දෑසින් කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට සමු දීමට මග දෙපස එක්ව සිටි ආකාරය විවිධ මාධ්‍ය වාර්තා කර තිබුණි. 

පාසල් කේන්ද්‍ර කරගත් මෙවර "අහන්න" වැඩසටහන තුළින් පාසල් දරුවන් අතර ජාතික සමඟිය සහ සංහිඳියාව පිළිබඳව ආකල්පමය වෙනසක් ඇති කිරීමට අපේක්ෂිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න