Language Switcher

V2025

ඉන්දු - ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික අර්බුදයක් අතළඟ !

තමා ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා, රෝ ඒජන්තවරයෙකු විය හැකි බව ජනාධිපතිතුමා ඊයේ (16) පැවති කැබිනට් රැස්වීමේදී පවසා ඇතැයි ද හින්දු පුවත්පත අද (17) වාර්තාකර තිබේ.

වැඩිදුරටත් එහි සඳහන්ව ඇත්තේ  CIA සංවිධානයේ කටයුතු පිළිබඳ ජනපති ට්‍රම්ප් නොදන්නවා සේම, මෙම ඝාතන සැලැස්ම පිළිබඳවද ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නොදන්නවා විය හැකි යැයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇති බවය.

ජනාධිපතිතුමාගේ මෙම ප්‍රකාශය පිළිබඳව රැස්වීමට සහභාගී වූ දේශපාලන පක්ෂ, රජයේ විවිධ පාර්ශව ඇතුළු මූලාශ්‍ර ගණනාවකින් විමසා කරුණු තහවුරු කර ගත් බව ද හින්දු පුවත්පත් වාර්තාවේ සඳහන්ව තිබේ.

එසේම ඒ පිළිබඳ නිල වශයෙන් කරුණු තහවුරු කර ගැනීමට අදාළ පුවත සම්පාදනය කළ මාධ්‍යවේදිනිය ලංකාවේ ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානියෙකු අමතා ඇති බවත් එහිදී ඒ පිළිබඳ තහවුරු කරගැනීමෙන් පසුව පිළිතුරක් ලබාදෙන බව පැවසු නමුත් පුවත්පත මුද්‍රණයට යන තුරු ඊට ප්‍රතිචාරයක් නොලැබුණු බවද එහි සඳහන් කර ඇත.

රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් අත ළඟ !

මේ සම්බන්ධව අප ජාත්‍යන්තර දේශපාලන සම්බන්ධතා පිළිබඳ විද්වතෙකු වෙතින් අදහස් විමසූ විට ඔහු සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය ඉතා බරපතල බවත් ඒ මත නවදිල්ලි මෝදි පාලනය සහ මෙරට අතර රාජතාන්ත්‍රික අර්බුදයක් පවා ඇතිවීමේ අවධානමක් පවතින බවය.

එසේම මෙවැනි ප්‍රකාශයක් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල හමුවක පැවසීමට පෙර සිදුකළ යුතු අනිවාර්ය ක්‍රියාමාර්ග කිහිපයක් තිබූ බවත් එම පියවර ගැනීමෙන් පසුව මෙම ප්‍රකාශය සිදුකර ඇත්නම් රාජතාන්ත්‍රික අර්බුදය කෙසේ වෙතත් රටක් ලෙස අනෙක් විදෙස් මිතුරු රටවල් සමඟ ප්‍රශ්නයට මුහුණදීමට සිදුවන බවද ඔහු පවසයි.

ඒ බව වැඩිදුර කරුණු පැහැදිළි කිරීම මෙසේය.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් කියන්නේ බරපතල දෙයක් !

සාමාන්‍යයෙන් රටක් තව රටක ජනාධිපතිවරයෙකු ඝාතනය කිරීමට සහ ඒ වෙනුවෙන් කුමන්ත්‍රණය කිරීමට  සිය බුද්ධි සේවා යොදවනවා නම් අදාළ රටවල් දෙක අතර බරපතල දේශපාලන - ආර්ථික අර්බුදයක් තියෙන්න ඕන. නමුත්  ඉන්දියාව සහ වත්මන් ආණ්ඩුව අතර එවැනි බරපතල දේශපාලන හෝ ආර්ථික අර්බුදයක් පවතින බවක් පෙනෙන්නට නෑ.

රෝ මැදිහත්වීම විශ්වාසයෙන් ඈතයි !

ඒත් හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීම සහ ඒ හරහා මතුවන කළාපීය බල තුලන අර්බුදය සමනය කිරීම සඳහා ඉන්දියාව කිසියම් බලපෑමක් සිදුකරන බව විශ්වාසයි. ඒ වගේම එය  කලාපයේ බලවත් රටක් අසල ඇති කුඩා දිවයිනක සිටින අප අනිවාර්යයෙන් මුහුණදීමට නියමිත ඉරණමක් බවත් තේරුම් ගත යුතුයි.

නමුත් වර්තමානයේ ඉන්දීය බල දේශපාලන හැසිරීම සහ ලංකා ආණ්ඩුව සම්බන්ධ ඔවුන්ගේ ප්‍රතිපත්තිය නිරීක්ෂණය කිරීමේදී ජනපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ සිතීමට පවා නොහැකි බව කියන්න ඕන. ඒ කියන්නේ එවැන්නක් ගැන සිතීමක් පවා දුෂ්කරයි.  එවැනි ප්‍රතිපත්තියක සිට ඉන්දීය ආණ්ඩුව කටයුතු කරනවා නම් ඔවුන් ඝාතනය කරන්න තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කරන සමයේ.  මොකද කියනවා නම් රාජපක්ෂ පාලන සමය  තමයි  මෑත ඉතිහාසයේ ඉන්දියාව නොතකා හැර චීනය සමීප කර ගැනීමට අදාළ බොහෝ කටයුතු ප්‍රමාණයක් සිදුකලාවූ පාලනය.

ජනාධිපති මෛත්‍රීගෙන් නිල නිවේදනයක් අවශ්‍යයි !

අනිත් අතට මේ වන තුරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ සම්බන්ධව කිසිඳු නිල නිවේදනයක් නිකුත්කර නැහැ. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් දන්නවා අමාත්‍ය මණ්ඩලයේ කතාබහ එළියට යන විත්තිය. ඒක අපේ රටේ කාලයක් තිස්සේ සිදුවන්නක්. මෛත්‍රී ජනාධිපතිත් ඒ ගැන නොදන්නවා වෙන්න බෑ. මම කියන්නේ ජනාධිපති කියන්නේ බබක් නෙවෙයි කියලයි.

අපි හිතමු  ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කලේ සත්භාවයෙන් කියලා. ඒත් කියන්න තියෙන්නේ  ජනාධිපතිවරයා වරද්දාගෙන කියලයි. මොකද මේ රෝ ඔත්තු සේවය ඇතුළත් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්  කියනවා කියන්නෙම එය රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් ඇතිවෙන්නක් වන නිසා.  ඇත්තටම ජනාධිපතිවරයා වගේම ඔහුගේ කිසියම් හෝ උපදේශකයින් ප්‍රමාණයක් මෙතැනදී වගකීම් විරහිතවීම නිසා බරපතල වරදක් කරගෙන තියනවා.  

කතාවට කළින් මුලික පියවර රැසක් ගන්න තිබුණා !

ඇත්තටම මේ ප්‍රකාශය සිදුකරන්න කලින් කළ යුතු තවත් අනිවාර්ය රාජකාරි කිහිපයක් තියනවා. අංක එක තමයි ජාතික බුද්ධි ඔත්තුසේවා යොදවා මේ පිළිබඳ නිසි වාර්තාවක් කැඳවීම. ඒ සඳහා  ඉන්දියාවේ තිබෙන ලංකා  මහ කොමසාරිස් කාර්යාලයේ සිටින ආරක්ෂක අංශ නියෝජිතයන් පවා දැනුවත් කරන්න තිබුනා. ඒ වගේමයි ජාතික  ආරක්ෂක මණ්ඩලය කැඳවා ඒ සම්බන්ධව විධිමත් වාර්තාවක් කැඳවන්නටත් කටයුතු කල යුතුව තිබුණා. අන්න එතැනදී තහවුරු කරගන්න ලැබුණා නම් කඩිනමින් කරන්න තිබුණ දේ තමයි,   මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කරඒ හරහා  අදාළ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව නවදිල්ලි දේශපාලනය දැනුවත් කිරීම. 2015 ජනවාරි මාසයෙන් පසුව අලුත් වූ මෙරට ජාත්‍යන්තර දේශපාලන සම්බන්ධතා අනුව එක දුරකථන ඇමතුමකින් වුවත් ඒ සම්බන්ධව විමසා කරුණු කාරනා සාකච්ඡා කරන්න හොඳටම ඉඩ තිබෙනවා. 

සාමාන්‍යයෙන් මාධ්‍ය වෙත වාර්තා නොවන නමුත් මේවා රටවල් එකිනෙක සම්බන්ධතා පවත්වද්දී කරන දේවල්. මේ සියළු ක්‍රියාමාර්ග සම්බන්ධව නවදිල්ලි පාලනය නොතකා කටයුතු කරනවා නම් තමයි මේ පුවත ප්‍රසිද්ධ ප්‍රකාශයක් බවට පත්කර ගත යුතුව තිබුණේ.

රෝ මෙහෙයුම් ගැන නොදැන කියපු කතාවක් !

ඇත්තටම ජනාධිපතිවරයා සමහර කාරනා නොදැන කළා කියලා තහවුරු වෙන්නේ රෝ සංවිධානයේ වැඩ ගැන ඇමරිකානු CIA සංවිධානය සමඟ සංසන්දනය කිරීම තුළ. රෝ සංවිධානය ස්වාධීන ආයතනයක් තමයි. නමුත් ඉන්දීය අගමැතිට ඔවුන් වාර්තා කරනවා. ඉන්දීය කැබිනට් ලේකම් හරහා තමයි ඒ පරිපාලන සම්බන්ධය ගොඩනගා තියෙන්නේ. 1968 ඉන්දු-චීන යුද්ධයෙදී ඉන්දීය විදෙස් බුද්ධි අංශ වල අසාර්ථකත්වය ඔවුන් තේරුම් අරගෙන තමයි රෝ සංවිධානය පිහිටුවන්නෙම. ඒ තුල ඔවුන් තම ඔත්තු බැලීම නිදහසේ කරගෙන ගියත් රාජ්‍ය නායක ඝාතනයක් වගේ ක්‍රියාන්විතයක් ආවට ගියාට කරන්න කොහෙත්ම ඉඩක් නෑ. ඔවුන් අගමැති නොදැනුවත්ව එතරම් සැහැසි සහ අවධානම් සහගත කටයුත්තක් දියත් කළා නම් එය ඉන්දීය මෝදී පාලනයත් අමාරුවේ දැමීමක් වෙනවා. ලොකු ප්‍රශ්නයක් ඒ තුළ ඇතිවෙනවා. විශේෂයෙන්ම රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් නිසා ඉන්දීය රජයට මෙය සෘජුව බලපානවා. ඒ තුළ ඉන්දීය රජය මෙය භාරගන්නේ ඉන්දීය ජාතික ආරක්ෂාව ගැන සිදුකල බරපතළ  අවතක්සේරුවක් සහ රාජතාන්ත්‍රික මට්ටමෙන් සිය රටට සිදුකල අපහාසයක් ලෙසයි.

ඔය කියන CIA  තියෙන්නේ හොලිවුඩ් චිත්‍රපට වල !

ඒ වගේම තමයි CIA  සංවිධානය. ඔවුන් එරට ආරක්ෂක ලේකම්ට වගේම ජනාධිපතිට වාර්තා කල යුතුයි. රටක මෙහෙයුම රටේ නායකයා නොදැන කරනවා කියලා අපි හිතනවා නම් ඒක අපි හදාගන්න ස්වයං මුලාවක් විතරයි. එහෙම ඇමරිකාවේ  ජනාධිපතිත්  නොදන්න CIA මෙහෙයුම් තියෙන්නෙ හොලිවුඩ් චිත්‍රපට වල විතරයි. ඒ හැර ජනාධිපති සහ එරට ආරක්ෂක අංශ ප්‍රධානීන් නොදැන මෙහෙයුම් සිදුවෙනවා කියන්නේ ඒ රට පාලනය කිරීම සම්පුර්ණයෙන් CIA හරහා සිදුවෙනවා ජනාධිපති කියන්නේ රූකඩයක් විතරයි වගේ කතාවක්.

මම ඒ නිසයි කියන්නේ මේ ප්‍රකාශය බරපතලයි වගේම බරපතල නොසැලකිල්ලක් සහිතවූ කතාවක් කියලා. අපි රටක් ලෙස ඉක්මනින්  නැත්ත ගැන රාජතාන්ත්‍රික පැහැදිළි කිරීමක් සිදුකල යුතුයි. අපි  දන්නේ නෑ, හින්දු වාර්තාව ඇත්තක්ද සහ ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදුකළාද  යන්න. නමුත් එවැන්නක් කළා නම් ඉක්මනට එය විසඳා ගැනීමයි බුද්ධිමත්ම දේ. 

ද හින්දු පුවත 

PM Modi unaware of plan, President tells Cabinet meeting

In a move that might seriously impair India-Sri Lanka relations, Sri Lankan President Maithripala Sirisena on Tuesday accused India’s Research and Analysis Wing (RAW) of plotting his assassination.

At the weekly Cabinet meeting, Mr. Sirisena told Ministers that the Indian intelligence agency was “trying to kill” him, but “Prime Minister Narendra Modi may not be aware of the plan,” The Hindu has learnt from sources present at the discussion. “We were just shocked when he said it,” a source said.

No response

When contacted for verification, a senior officer at the President’s media unit said: “We will verify this and revert.” However, there has been no response till the time of going to print.

Mr. Sirisena’s claim comes days before Prime Minister Ranil Wickremesinghe’s scheduled visit to New Delhi, where he will meet Mr. Modi to discuss bilateral matters, including key India-assisted projects on the island.

However, this is not the first time a Sri Lankan leader has accused the Indian agency of interference. After his election defeat in 2015, former President Mahinda Rajapaksa held the RAW among those responsible for the change in regime. Mr. Sirisena’s allegation, sources at the meeting said, came when he raised concerns over the government’s “indifference” to an assassination plot targeting him.

Reports of the said plot emerged last month when an individual named Namal Kumara, part of an anti-corruption outfit, claimed he was aware of a plan to assassinate Mr. Sirisena and former Defence Secretary Gotabaya Rajapaksa. The CID interrogated him. The police arrested an Indian national late in September. Local media reported that the Indian, identified as M. Thomas and hailing from Kerala, claimed he knew of the plot.