අගමැති ධූරය රනිල්ට දෙන්න සිරිසේන සූදානම් : කොන්දේසිය මෙන්න !

අගමැති ධූරය රනිල්ට දෙන්න සිරිසේන සූදානම් : කොන්දේසිය මෙන්න !

තමන්ට 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදෙන ඕනෑම පාර්ශවයකට අග්‍රාමාත්‍යධූරය ලබාදීමට සූදානම් බව සිරිසේන ජනාධිපති පවසා ඇතැයි වාර්තා වෙයි.

මේ බව වාර්තා වන්නේ පසුගියදා කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දක්වා පිල් මාරු කර මේ වන විට ස්වාධීනව ඉන්නා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ විසින් එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල මන්ත්‍රීවරයෙකුට සිදුකර ඇති දැනුම්දීම අනුවය.

එහිදී විජේදාස මන්ත්‍රීවරයා සඳහන්කර ඇත්තේ ජනාධිපතිවරයාට විශ්වසනීය සහතිකයක් ලබාදීමට හැකියාවක් ඇත්නම් අද (30) දිනයේ වුවත් ප්‍රශ්නය අවසන් කිරීමට ඔහු සූදානම් බවය. එහිදී එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රීවරයා විමසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ නායකතුමාට වුවත් අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපති සූදානම්ද කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ රනිල් නොව ඕනෑම අයෙකුට අග්‍රාමාත්‍යධුරය ලබාදීමට සූදානමක් ඇති බවත් 2020 ජනාධිපති අපේක්ෂකත්වය ලැබෙනවා නම් රනිල් මහතාට අපේක්ෂකත්වය ලබාදීමේ කිසිම ප්‍රශ්නයක් නොමැති බවය.

ඊට හේතුව ලෙස විජේදාස මන්ත්‍රීවරයා පෙන්වාදී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට පක්ෂව මේ වන විටත් මන්ත්‍රීවරුන් ලිඛිත අත්සන් සහිතව ලිපියක් ලබාදී තිබීමත් අඛණ්ඩව පාර්ලිමේන්තු බහුතරය මහින්ද රාජපක්ෂට නොමැති බව ඔප්පුවී තිබීමත්ය.

ඒ අනුව තමන්ට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරයක් නොව ඊටත් වඩා ඇති බව පවසමින් දේශපාලන කුමන්ත්‍රණයක් දියත්කල සිරිසේන ජනාධිපති දියත් කළ දේශපාලන කුමන්ත්‍රණයේ සැබෑ හේතුව පැහැදිළිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න