ප්‍රශ්නය ඇතිකළ කෙනාටම විසඳන්න කියන්න : මහින්ද රනිල්ට කියලා !

ප්‍රශ්නය ඇතිකළ කෙනාටම විසඳන්න කියන්න : මහින්ද රනිල්ට කියලා !

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් නමුත් ඒ වෙනුවෙන් තීන්දුව ගත යුතුව ඇත්තේ තමන්ව පත්කළ  ජනාධිපතිවරයා විසින් බව මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

අද (30) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කර ඇති අතර කිසිම අවස්ථාවක තමන් ජනාධිපතිවරයා මුණගැසී අග්‍රාමාත්‍ය ධූරය ඉල්ලා නොමැති බවත් දැන් මතුව තිබෙන ප්‍රශ්නය විසඳීමට හැක්කේද ජනාධිපතිවරයාට පමණක් බවද පවසා ඇත.

එසේම පාර්ලිමේන්තු බහුතරය ඇති බව මෙන්ම දැනට හෙළිකළ නොහැකි කරුණු කිහිපයක් හේතුවෙන් මිස තමන් කිසිසේත් අගමැති ධූරය ලබාගැනීම සඳහා ඉදිරිපත් නොවන බවද මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇතැයිද  වාර්තා වන වෙයි.

තවද ජනාධිපති ඔයාට (රනිල්) අගමැතිධුරය ලබාදීමට සූදානම් නම් තමන් එය ප්‍රශ්නයක් කර නොගන්නා බවද රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇති බවත් වාර්තා වෙයි.

එහිදී වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ කවුරු කොහොම තීන්දු ගත්තත් අවසානයේ රට අස්ථාවරවීම හැර කිසිවක් සිදුව නොමැති බවත් ව්‍යවස්ථා විරෝධී ආකාරයට සිදුනොකර මේ කටයුතු සිදුකරගත්තා නම් කාට කාටත් හොඳක් වීමට තිබූ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න