රටේ සිදුවන දේශපාලන වෙනස්වීම් සම්බන්ධව නිසි පරිදි බුද්ධි අංශ වාර්තා නොලැබෙන බව සඳහන් කරමින් සිරිසේන ජනාධිපති රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන් කැඳවා බැනවැදී ඇති බව වාර්තා වෙයි.
මීට ආසන්නතම සිදුවීම බවට වාර්තා වන්නේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් 14 දෙනා එක්සත් ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබාගැනීම සඳහා සහය ලබාදෙන බව පෙර දැනුම්දීමට බුද්ධි අංශ කටයුතු නොකිරීමය.
එසේම බුද්ධි අංශ හරහා ලැබෙන සහයෝගය සම්බන්ධව තමන් කිසිඳු තෘප්තියක් නොමැති බවත් ව්‍යවස්ථාවට අනුව සේනාවිධායක තමන් බව සිහිතබාගෙන කටයුතු කරන ලෙසත් එසේ නොවුනහොත් බුද්ධි අංශ සම්බන්ධව තීරණයක් ගැනීමට තමන්ට සිදුවන බවත් ජනාධිපති සිරිසේන පවසා ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

