පාස්කු ප්‍රහාරය සහ ළඟ එන ඡන්දයක් ගැන සැකයක් !

පාස්කු ප්‍රහාරය සහ ළඟ එන ඡන්දයක් ගැන සැකයක් !

තුන්සිය පනහකට අධික ජනකායකට මරු කැඳවමින් පාස්කු ඉරිදා පුපුරවන ලද බෝම්බ මාලාව සහ ශ්‍රී ලංකාවේ ඡන්දය අතර සම්බන්ධයක් වේදැයි එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් ප්‍රධානියා ප්‍රශ්න කරයි.

සෙයිද් රාද් අල් හුසේන් කුමාරයා එම ප්‍රශ්නය නගා ඇත්තේ බෝම්බ ප්‍රහාරවලින් කාට වාසි සැලසේද යන විමසිල්ල මතු කරමිනි.

“ශ්‍රී ලංකා - වධවිඳි අතීතයක් සහිත සුන්දර දේශයක, මින් පෙර නොවූ ආකාරයෙන් ක්‍රිස්තියානි ප්‍රජාවට එරෙහිව මේ අශෝභන බෝම්බ ප්‍රහාර දැන්. සාක්ෂි ලැබෙන තුරු බලා සිටින අතරවාරයේ, නොවැලක්විය හැකි ලෙසින් ගැටලුවක් මතුවේ: මේසා දුෂ්ඨ කමකින් වාසි සැලසෙන්නේ කාටද? ළඟ එන ඡන්දය හා මේ අතර කිසියම් සම්බන්ධයක් වේද?,” යි හිටපු එජා මානව හිමිකම් ප්‍රධානී සෙයිද් රාද් අල් හුසේන් ට්විටර් පණිවිඩයකින් ප්‍රශ්න කර තිබේ.

al 1

 

(gagana.lk)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න