දේශපාලන වාසි නොතකා මනුෂ්‍යත්වයේ නාමයෙන් වැඩකරමු - ඇමති රවී

දේශපාලන වාසි නොතකා මනුෂ්‍යත්වයේ නාමයෙන් වැඩකරමු - ඇමති රවී

වෙසක් උත්සවය නිමිතිකොටගෙන මෙන්ම පාස්කු ඉරිදා සිදුවූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් ආබාධිත  සහ අසරණවූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ රෝදපූටු/කිහිලිකරු,ඇස් කන්ණාඩි,පාසැල් දරුවන්ට පොත්,පාසැල් උපකරණ,වියලි ආහාර ලබාදීමේ සමාජ සත්කාර වැඩසටහනක් උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ  ප්‍රධාන කාර්යාලයේදී විදුලි බල,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක හා මේලා කරුණානායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

මේ සඳහා අනුග්‍රහය දැක්වීමට කටයුතු කළ තායිවාන් ජනතාව නියෝජනය කරමින් තායිවාන වෙලඳ ප්‍රවර්ධන ආයතනයේ අධ්‍යක්‍ෂ පීටර් ෆෑන්, තායිවාන-ශ්‍රී ලංකා වෙලඳ සංගමයේ සභාපති කපිතාන් ලී ද අවස්ථාවට එක්ව සිටි අතර  එක්සත් ජාතික පක්ෂයේ  කොළඹ දිස්ත්‍රික් කළමණාකාර ලසන්ත ගුණවර්ධන,‘‘ග්‍රීන් බ්ලඩ්‘‘ සංවිධානයේ මෙහෙයවීමෙන් මෙන්ම කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ශ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයන්  මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.

එහිදී පැමිණි ජනතාව ඇමතූ අමාත්‍ය රවී කරුණානායක සඳහන් කලේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට එරෙහිව මුලු රටම එක්විය යුතු මොහොතක ඒ සඳහා ආණ්ඩුවද විපක්ශයද කියා බෙදී වෙන් නොවී රට වෙනුවෙන් සියළු වාද බේද අමතක කොට එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස පෙරට යා යුතු බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා දේශපාලන වාසි මත කටයුතු නොකර අවස්ථාවාදීන්ට අන්තවාදීන්ට කිසිදු ඉඩක් නොදී මනුෂ්‍යත්වය ජයග්‍රහණය කොට අපේ රට රැක ගැනීම සියළු නායකයින්ගේ වගකීමක් සහ යුතුමකක් බවත් අවධාරණය  කළේය.
ravi100

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න