උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් රවි විජේගුණවර්ධන අද (27) ධූරයේ වැඩ භාර ගන්නා ලදි.
උතුරු පළාතේ මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කළ රෝෂාන් ප්‍රනාන්දු දකුණු හා සබරගමුව පළාත් වෙනුවෙන් ස්ථාන මාරුවීම සිදුව ඇති අතර දකුණු හා සබරගමුව පළාත්හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කල රවි විජේගුණවර්ධන උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් අද දින වැඩ භාර ගැනීම සිදු විය.
යුද සමයේදී රවි විජේගුණවර්ධන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නි පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කරමින් සිංහල,දෙමළ හා මුස්ලිම් ජනතාව අතර ප්‍රසිද්ධියට පත් අයෙකි.
එසේම හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර හේතුවෙන් බලවත් අසාධාරණයකට ලක්වූ නිලධාරීයකු ලෙසද ඔහු ප්‍රසිද්ධිය. තවද රවී විජේගුණරත්න හිටපු පොලිස්පතිට එරෙහිව අධිකරණයට ද ගියේය.

