මෙහෙ රට ගිනි අරගෙන : දයාසිරි එනවා තනතුරු ඉල්ලගෙන - ජී.එල්. පීරිස්

මෙහෙ රට ගිනි අරගෙන : දයාසිරි එනවා තනතුරු ඉල්ලගෙන - ජී.එල්. පීරිස්

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා රට ගිනි ගත් අවස්ථාවක තනතුරු බෙදා ගැනීමක් ගැන කතා කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් චෝදනා කරයි.

ජී.එල්.පීරිස් මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (3 දා) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්ය.

ශ්‍රීලනිප - පොදුජන පෙරමුණ සන්ධානයේ තනතුරු බෙදාගැනීම තුළ සිරිසේන වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති අපේක්‍ෂකයා විදියටත්, මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරයත් හිමිවිය යුතුයි කියමින් දයාසිරි මන්ත්‍රීවරයා යෝජනා ගෙනෙන බවත් රට ගිනිගෙන ඇති අවස්ථාවක ප්‍රමුඛ විය යුත්තේ මේ තනතුරු බෙදා ගැනීමද යන ප්‍රශ්නය මන්ත්‍රීවරයාට යොමුකල යුතු බවත් ඔහු පැවසීය.

එසේම 19 වන සංශෝධනයෙන් පසුව ජනාධිපති ධුරයට කිසි කෙංගෙඩියක් කර ගන්න බැහැ කියන දයාසිරි මන්ත්‍රීවරයා වත්මන් ජනාධිපතිට ඒ තනතුරම ඉල්ලන්නේ ඇයිද ? යන ප්‍රශ්නයද යොමු කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.එල්.පීරිස් මෙසේද පැවසීය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දුන් සාක්ෂි මගින් ඛේදවාචකයට දින 12 ට පෙර මේ සම්බන්ධයෙන් තොරතුරු රජයට ලැබී ඇති බව අනාවරණය වුණා. ආරක්ෂක මණ්ඩලය මාස දෙකක් තුළ රැස්වුණේ නැහැ. මෙයින් අපේ රටේ ආරක්ෂාව දේශපාලන පන්දුවක් බවට පත්කර ගැනීමක් වෙන්නේ. මේ රටේ තියෙන්නෙ එක ආණ්ඩුවයි. ජනතාව කිව්වෙ මේ දෙපාර්ශ්වයට එකතුවෙලා සාමූහික වගකීමෙන් රට පාලනය කරන්නයි. නැතිව මේ විදියට කුළල් කාගන්න කිව්වේ නැහැ. එක පාර්ශ්වයකට සුදු හුණු ගාලා අනෙක් පාර්ශ්වයට දෙහි කපන්න අවශ්‍ය නැහැ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න