අද (04) පස්වරුවේ : විශේෂ පක්ෂ නායක රැස්වීමක් : මාතෘකා මෙන්න !

අද (04) පස්වරුවේ : විශේෂ පක්ෂ නායක රැස්වීමක් : මාතෘකා මෙන්න !

රටේ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධව සාකච්ඡා කිරීමට විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් අද (04) කැඳවා තිබෙන බව වාර්තා වෙයි.

කථානායක කරූ ජයසූරිය ගේ ප‍්‍රධානත්වයෙන් කැදවා තිබෙන මෙම පක්ෂ නායක රැස්වීම පස්වරු 3:00 ටපාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

වාර්තා වන ආකාරයට මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධුරවලින් ඉල්ලා අස්වීමත් සමග ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ පුරප්පාඩු වී ඇති එම අමාත්‍ය ධූර සදහා සුදුස්සන් පත් කරන්නේද යන්න පිළිබඳව ද එහිදී සාකච්ඡා කරනු ඇති බවය. එමෙන්ම ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳවද මෙම පක්‍ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න