වඩු මඩු තහනම් කරන බවත් අවුරුදු පහක කාලයක් ඇතුළත වෙනත් රැකියා සොයා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා කළ බව කියන ප්‍රකාශයකට විරෝධය පළකරමින් මොරටුවේ පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු මන්ත්‍රීවරු දෙදෙනෙකු සහ වඩු කාර්මිකයෙකු ආරම්භ කළ උපවාසය ඊයේ (12) අවසන් කර ඇත.
එහෙත් එහි ආරංචි මාර්ග සදහන් කරන්නේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ප්‍රශ්නය විසදීමට ක්‍රියාමාර්ග ගැනීමත් සමග මහින්ද රාජපක්ෂ ඒ ස්ථානයට පැමිණ ලකුණු දමාගැනීම සදහා සමන් ලාල් වෙත තැඹ්ලි පොවා ඇති බවය.
මෙහිදී සිදුවූ සැබෑ සිදුවීම මෙසේය .
ඉල්ලීම් ඉටු කර වඩු කාර්මිකයාට සහන දෙන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්නගේ අත්සනින් යුතු ලිපිය මොරටුව මහ නගර සභාවේ විපක්ෂ නායක සේනක දමයන්ත මහතා විසින් මොරටුව පුරපතිවරයාට ලබාදී ඇත.
එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් විමරත්න මහතා සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම විසඳුමට එළඹ තිබේ.

