පොහොට්ටුවේ කබර න්‍යාය : ඇමති අකිල පෙන්වා දෙයි !

පොහොට්ටුවේ කබර න්‍යාය : ඇමති අකිල පෙන්වා දෙයි !

කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධ කරගත්‘පොහොට්ටුව පක්ෂය’ ඒ මහතා වත්මන් ආණ්ඩුවේ ඇමතිකමක් දැරීම දේශද්‍රෝහි ක්‍රියාවකැයි පැවසීම තම වාසිය සඳහා කබරගොයා තලගොයා කර ගැනීමේ න්‍යාය අනුගමනය කිරීමක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ කුලියාපිටිය නගර සභා පිටියේ දී සමෘද්ධීලාභීන් 2500 දෙනෙකුට සමෘද්ධි හිමිකම්පත් පිරිනැමීමේ අවස්ථාවේ දීය.

පසුගිය පළාත් පාළන ඡන්ද විමසීමේ දී කුලියාපිටිය නගර සභාවේ 50% කට වැඩියෙන් ඡන්ද ලබා ගනිමින් බලය පිහිටුවීමට හැකි වුවත් කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ කවර පක්ෂයකට හෝ 50%ක ඡන්ද ලබා ගත හැකි නොවූ බැවින් පොහොට්ටු පක්ෂය බලය පිහිටුවා අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධ කරගැනීම නිසා බව සිහිපත් කර දුන් අමාත්‍යවරයා එසේ නොවේනම් බලය පිහිටුවන්නේ එක්සත් ජාතික පක්ෂය බව ද පැවසීය.

“ ඒ මන්ත්‍රීවරු දෙන්නා අරගෙන බලය පිහිටුවන්න හොඳවූ පොහොට්ටුව ම රිෂාඩ් බදියුදීන් මැතිතුමා වත්මන් ආණ්ඩුවේ ඇමතිකම් දරන විට දේශද්‍රෝහි ක්‍රියාවක් වෙලා. ඒක තමන්ගේ වාසියට කබරගොයා තලගොයා කර ගැනීමේ න්‍යායයි.”යනුවෙන් බවත් අමාත්‍යවරයා පැවසීය.

දේශපාලන බලය හා පැවැත්ම උදෙසා යටි අරමුණින් ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කරයි නම් ඒවා ලැජ්ජා සහගත ක්‍රියාවක් බව ද ජනතා සුබ සෙත වෙනුවෙන් කුමක් ලබා දුන්න ද දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව නියම සුදුස්සාට ම පමණක් හිමිකර දිය යුතු බව ද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න