රිෂාඩ් බදියුදීන් සහ හමුදාපති : තේරීම් කාරක සභාව හමුවට !

රිෂාඩ් බදියුදීන් සහ හමුදාපති : තේරීම් කාරක සභාව හමුවට !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ තේරීම් කාරක සභාව හමුවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හෙට (26) දින කැඳවා සාක්ෂි විමසීමට නියමිත බව වාර්තා වෙයි.

මීට අමතතරව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක සහ වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාද එදිනට කැඳවීමට කාරක සභාවේ අවධානය යොමුවී තිබේ.

මෙම විශේෂ කාරක සභාවේ හයවැනි දිනයේ සාක්ෂි විමසීමේ කටයුතු පාර්ලිමේන්තුවේ කමිටු කාමර 01හිදී හෙට (26) සවස 02.00ට සිදු කිරීමට නියමිතය.

හෙට කැඳවන පුද්ගලයන් කවුරුන්ද යන්න ගැන අද(25) දින අවසන් තීරණය ගන්නා බව කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ජේ.එම්. ආනන්ද කුමාරසිරි පැවසීය.

පාස්කු ප්‍රහාරයට අදාළව යුද හමුදාපතිවරයාගෙන් යම් යම් කරුණු දැනගැනීමට තිබෙන බවත්, ඒ අනුව ඔහු කැඳවීමට නියමිත බවත් නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තේරිම් කාරක සභාව හමුවට ගෙන්වීමට තීරණයක් ගෙන නැති බවත්,ඒ සම්බන්ධව සාකච්ඡාවක් පමණක් පැවති බවත් හෙතෙම පවසා සිටියේය.

යුද හමුදාපතිවරයා මෙම තේරිම් කාරක සභාව හමුවට කැඳවා ඇත්තේ සක්‍රීය සේවයේ යෙදි සිටින කිසිදු නිලධාරියෙකු තේරිම් කාරක සභාවට නොයවන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශයක් සිදුකර ඇති පසුබිමකය.

මේ අතර මේ මස 27 හා 28 දෙදින තුළ පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාර දෙකක් පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු කාල සටහන අනුව ලබන සතියේ අඟහරුවාදා දින ඊළඟ සැසිවාරය පැවැත්වීමට නියමිතව තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න