එජාපයේ යළි පිබිදීමක් : ජූලි 1 සිට නව ගමනක් !

එජාපයේ යළි පිබිදීමක් : ජූලි 1 සිට නව ගමනක් !

ජූලි මාසේ 01 දා සිට එක්සත් ජාතික පක්ෂය යළි පිබිදිමක් තුළින් ගමන් ආරම්භ කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

බාහිර පාර්ශවයන් පතුරුවන මතයන්ගේ සත්‍යතාවක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබද තවමත් දැනුවත් වී ඇත්තේ පක්ෂ අභ්‍යන්තරය පමණක් බවත් අමාත්‍යවරයා පවසයි.

රවී කරුණානායක අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, පසුගියදා වව්නියාව ග්‍රිඩ් විදුලි උපපොළ වර්තමාන තත්ත්වය පරීක්ෂා කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවක් අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමිනි.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක පිරිස් අනුයුක්ත කිරීමේදී සිදුවී ඇති භාෂාව පිළිබදව ගැටළුකාරි තත්ත්වයන් හැකි ඉක්මණින් ඉවත්කරන බව ද අමාත්‍යවරයා එහිදි පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක,

"ලංවිම රැකියාවන්හි සේවක ස්ථාපිත කිරිමේදී යම් යම් විෂමතාවන් සිදුවෙලා තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රදේශයන්ට අදාළවන පරිදි සේවක පිරිස් යොදවලා නැහැ.

මෙම තත්ත්වය මත උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි භාෂාව පිළිබදව ප්‍රශ්නයක් පවතිනවා. ඒ හේතුවෙන් විදුලි පාරිභෝගික සේවය සැපයීමට යාමේදී භාෂාව භාවිතය මතින් ගැටළුකාරි තත්ත්වයන් උද්ගත වෙනවා. අපි හැකි ඉක්මණින් මේ විෂමතාවන් ඉවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

වව්නියාව ග්‍රිඩ් විදුලි උපපො‍ළ තුළීන් පාරිභෝගිකයාට සිදුවන සේවය බලන්නයි අද අපි ආවේ. යාපනය‍, මන්නාරම, වව්නියාව ආදි වශයෙන්වන පුළුල් ප්‍රදේශයක් මේ තුළින් ආවරණය වෙනවා. ඒ තුළින් මෙම ප්‍රදේශයන්වල විදුලි පාරිභෝගිකයන්ට සැපයෙන්නේ සුවිශාල සේවයක්.

එ.ජා.ප. පක්ෂ අභ්‍යන්තරය මේ වනවිට ජනාධිපති අපේක්ෂයා පිළිබදව දැනුවත්වී සිටිනවා. නමුත් බාහිර පුද්ගලයින් පතුරවන කතාවල කිසිදු සත්‍යතාවක් නැහැ.

පක්ෂයක් වශයෙන් තවත් මාස 02ක් 03ක් ඇතුළත ජනාධිපති අපේක්ෂකයා පිළිබදව ජනතාවට හෙළි කරනවා. දේශපාලන පක්ෂයක් නිරන්තරයෙන් ක්‍රියාකාරී වියයුතුයි.

ජූලි මාසේ 01 දා සිට පක්ෂයක් හැටියට කරගෙන ආ වැඩපිළිවෙල, පාක්ෂිකයන් නැවත අවදිකිරීමක් තුළින් ඉදිරියට ගෙනයාම ආරම්භ කරනවා "

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න