මැදගොඩ අභය තිස්ස ගැන : CID විමර්ශනයක් !

මැදගොඩ අභය තිස්ස ගැන : CID විමර්ශනයක් !

කාන්තන්කුඩි ප‍්‍රදේශයේ පුද්ගලයන් 20 දෙනෙක්ට ෂරියා නීතිය යටතේ මරණී දඩුවම ලබා දී ඇති බවට තමා සතුව තොරතුරු ඇතැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස පසුගියදා කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය ඉකුත් (4) දින නුගේගොඩ දී පැවැත් වු ජනහමුවේ දී මැදගොඩ අභයතිස්ස හිමියන් මේ සිද්ධිය හෙළි කර තිබුණි.

තමන් සතුව ඊට අදාළ තොරතුරු ඇති බවත් ඒවා මාධ්‍යට ලබා නොදෙන බවත් අවශ්‍ය නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දිය හැකි බවද උන්වහන්සේ එහිදී සදහන් කර තිබුණි. මෙම හෙළිදරව්ව සැලකිල්ලට ගත් වැඩබල පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (8) ලිඛිතව දැනුම් දී තිබුණි.

මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාලව ඉදිරියේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න