නාමල්ගේ විදෙස් ගමන් තහනම අත්හිටුවයි !

නාමල්ගේ විදෙස් ගමන් තහනම අත්හිටුවයි !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඔක්තෝම්බර් මස 24 වන දා දක්වා අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත්කර ඇත්තේ අදාළ නඩුව ඊයේ (18) කැඳ‍වූ අවස්ථාවේය.

එහිදී මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා සියල්ල නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත.

ඒ අනුව පැමිණිල්ල ලබන ඔක්තෝම්බර් මස 24 වනදා කැඳවීමට නියෝග කර ඇති අතර එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් මහේස්ත්‍රාත්වරිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝග කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න