ශ්‍රිලනිපය තැති ගනියි : සාකච්ඡාවක් සඳහා මහින්දව කැඳවීමට තීන්දුවක් !

ශ්‍රිලනිපය තැති ගනියි : සාකච්ඡාවක් සඳහා මහින්දව කැඳවීමට තීන්දුවක් !

අගෝස්තු 11වනදා පක්ෂ සම්මේලනයේදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ සූදානම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි කැළඹීමට පත්ව ඇති බව වාර්තා වෙයි.

මේ හේතුව නිසා එළැඹෙන පක්ෂ මධ්‍යම කාරක සභාව අවස්ථාවේ ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකිරීමට නියමිත අතර ජනාධිපති සිරිසේන ඒ සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග තීරණාත්මක සාකච්ඡාවක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින බවත් වාර්තා වෙයි.

එහිදී මේ වන විටත් සිදුකරන ශ්‍රිලනිප - පොහොට්ටු සන්ධානයක් වෙනුවෙන් වන සාකච්ඡාව සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බවත් දැනගන්නට තිබේ.

මේ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසා ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 11 වැනිදා ජනාධිපති අපේක්‍ෂකයෙකු නම් කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරන බවයි.

එසේම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එකගතාවයකින් තොරව නම් කරන අපේක්‍ෂකයෙකුට සහාය දිය නොහැකි බවත් මහ ලේකම්වරයා සදහන් කරයි.

ශ්‍රිලනිපයට යන එන මං නැතිවෙලා !

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන වශයෙන් ඉතාම අසීරු අඩියක් වෙත ඇදවැටී අවසන් බව පෙනෙන්නට ඇත.

මේ වන විටත් එක්සත් ජාතික පෙරමුණ සිය බලය පුළුල් කරමින් එජාපය ප්‍රමුඛ පුළුල් සන්ධානයක් වෙනුවෙන් සූදානම්ව සිටින අතර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ඊට අදාල සාකච්ඡා සාර්ථකව අවසන් වෙමින් ඇති බවය.

එසේම දැනට ඇත්තේ එම සන්ධානයේ නායකයින්ගේ එකඟත්වයෙන් එජාප අපේක්ෂකයා නම් කිරීම බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව ශ්‍රිලනිපය නියෝජනය කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පතා සිටින වත්මන් ජනාධිපති සිරිසේන ට එජාපය ප්‍රමුඛ සන්ධානයේ කිසිදු අවස්ථාවක් ලැබෙන තත්ත්වයක් නොමැත.

ඒ පසුබිමේ පොහොට්ටු පාර්ශවය ද අගෝස්තු 11 වනදා තම අපේක්ෂකයා නම් කළහොත් ඒ අවස්ථාවේ ම වත්මන් ජනාධිපති සිරිසේන පරාජය වන අතර ප්‍රධාන තරගය ඇතිවන්නේ එජාපෙ සහ පොහොට්ටුව අතරය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න