තිලංග -  හරීන් ගැටුම දුරදිග යයිද ? : ක්‍රිකට් ආයතනයටත් සිරිසේන ගැසට් ගහයිද ?

තිලංග -  හරීන් ගැටුම දුරදිග යයිද ? : ක්‍රිකට් ආයතනයටත් සිරිසේන ගැසට් ගහයිද ?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අරක්ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අතර බරපතල ගැටුම්කාරී වාතාවරණයක් මතුවෙමින් ඇති බව වාර්තා වෙයි.
 
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව කිසිදු කටයුත්තක් සඳහා මැදිහත්වීමට හෝ සහභාගීවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට වාරණයක් පැනවීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කටයුතු කර ඇති පසුබිමේ එය නොතකා කටයුතු කිරීමට තිලංග සුමතිපාල සූදානම් වන පසුබිමේය.
 
ඒ බව තහවුරු කරමින් ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සඳහන් කර සිටියේ අද (11) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව සඳහා තමන් අනිවාර්යයෙන් සහභාගී වන බවත් එය වලක්වාලීමේ කිසිදු හැකියාවක් ක්‍රීඩා අමාත්‍යවරයාට නොමැති බවත්ය.
 
වැඩිය හයිය කාගේ කොන්දද ? : තිලංග & හරීන් !
 
එම ප්‍රකාශය අනූව ඔහු කටයුතු කලහොත් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු ගනුලැබූ ක්‍රියාමාර්ගය දැඩි අභියෝගයකට ලක්වන අතර තවදුරටත් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම සම්බන්ධව පවා තේරුමක් නැති දෙයක් බවට පත්වෙයි.
 
එම තත්ත්වය ඇති නොවීමට නම් ක්‍රීඩා අමාත්‍යවරයාගේ විධාන නොතකන  තිලංග සුමතිපාල මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව  ඉතා දැඩි පියවරක් ගැනීමට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සිදුවේ. එසේ නොවුනහොත් එය ඔහුගේ පෞරුෂය සම්බන්ධ ප්‍රශ්නයක් බවටත් පත්වීම වැලැක්වීමට නොහැකිය.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ?
 
මේ අතර ක්‍රිකට් මාෆියාව මෙන්ම ජනාධිපති සිරිසේන සමග ඇති දේශපාලන ගනුදෙනුව අනූව දැන් ජනාධිපති සිරිසේන විසින් ක්‍රිකට් ආයතනය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ගැසට් කරගැනීමට අවස්ථාව ඇති බව දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ ජනාධිපති සිරිසේනගේ පසුගියදා හැසිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමින් සහ හාස්‍යට ලක්කරමින්‍ ය. 
 
ඒ රූපවාහිනී සංස්ථාවට නව සභාපතිවරයකු පත්කිරීමට විෂය භාර අමාත්‍ය (කැබිනට් නොවන ) රුවන් විජයවර්ධන උත්සාහ කිරීමේදී එම ආයතනය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ගැසට් කරමින් තමා යටතට ගෙන සභාපතිවරයා පත්වීම වැලැක්වීමට ජනාධිපති සිරිසේන සිදුකළ නින්දිත හැසිරීම නිසාය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න