එජාප අපේක්ෂකත්වයට කුල ප්‍රශ්නයක් !

එජාප  අපේක්ෂකත්වයට කුල ප්‍රශ්නයක් !

ඇතැමුන් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරවීමට එරෙහිවන්නේ කුල ප්‍රශ්නයක් නිසාදැයි සමාජය තුල බරපතල සැකයක් මතුව ඇතැයි ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු ඊයේ (19) පැවති හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශකර කර ඇතිබව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එම අවස්ථාවේදී වහාම ප්‍රතිචාර දක්වා ඇති අගමැති රනිල් වික්‍රමසිංහ තමා කුලවාදියකු නොවන බවත්, ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට සහය දැක්වුවකු වන තමා, 2010 වසරේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා ඉදිරිපත් කළ බවද සඳහන් කර ඇතැයි  ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.

කෙසේවුවද, සජිත් ප්‍රේමදාසගේ පියා වන ආර්. ප්‍රේමදාස එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වූ අවස්ථාවේදී ඔහුට එරෙහිව කැරළි ගැසූ ගාමිණී දිසානායකගේ පුත් නවින් දිසානායක අමාත්‍යවරයා, සජිත් ප්‍රේමදාසට එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට එරෙහිව කටයුතු කරන කණ්ඩායම අතර සිටින ප්‍රබලයකුවිම ද විශේෂිත කාරණයකි. 

ඊයේ පැවති පුර්ව කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද අගමැති රනිල්ට පක්ෂව කතාකළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයකු වන්නේ නවින් දිසානායක ඇමැතිවරයාය. අනෙක් ඇමතිවරයා වුයේ රාජිත සේනාරත්නයි.

සජිත්ට 'සර්' කියන්න අකමැති 'වංසක්කාරයින්' ?

මේ අතර පසුගියදා පැවති ජාතික ජනබලවේගයේ සම්මන්ත්‍රනයක දී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසා සිටියේ, සජිත්ට 'සර්' කීමට අකමැති එම පක්ෂයේ වංසක්කාර පැලැන්තිය ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට එරෙහිවී ඇති බවයි.

''දැනුත් ඉන්නවා යූඑන්පී එකේ වංසක්කාරයෝ. ඒ වංසක්කාරයෝ කියන්නේ මොකක්ද අර ප්‍රේමදාසට සර් කියන්න බෑ'' ලාල්කාන්ත එහිදී පැවසිය.

වීඩියෝ 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න