පනින මන්ත්‍රීලාගේ ලැයිස්තුවලින්  මහින්දගේ මේසය පිරෙයි !

පනින මන්ත්‍රීලාගේ ලැයිස්තුවලින්  මහින්දගේ මේසය පිරෙයි !

මේ මොහොතේ ගෝඨාබය රාජපක්ෂගේ සහය වෙනුවෙන් පෙනී සිටියද ඉදිරි සති දෙකක කාලය තුළ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දෙනු ඇතැයි සැකකෙරෙන මන්ත්‍රීවරුන් පිරිසකගේ නම් ලැයිස්තු කිහිපයක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත ලැබී ඇතැයි වාර්තා වෙයි.

පොදුජන පෙරමුණ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්, පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පොදුජන පෙරමුණට සහය දෙන සුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ නම් එම ලැයිස්තු වල ඇති බවය.

ඔවුන් සම්බන්ධව අවධානයෙන් සිටින ලෙස මේ වන විට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තවත් මන්ත්‍රීවරුන් පිරිසකට භාරදී ඇති බවත් එම මන්ත්‍රී පිරිසේ කිහිපදෙනෙකුද පනීවි යැයි සැකකරන මන්ත්‍රී ලයිස්තුවේ නම් සඳහන් අය බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

එමෙන්ම දිස්ත්‍රික් නායකත්වය ලබා ගැනීම, නැගී එන නවක මන්ත්‍රීවරුන් අභියෝගයක් වීම වැළක්වීම, මන්ත්‍රීවරුන් සම්බන්ධව රාජපක්ෂ පවුලට සැක උපද්දවා ඔවුන් දේශපාලන වශයෙන් කොන්කර තැබීම ආදී පටු චේතනාවෙන් මන්ත්‍රීවරුන් එකිනෙකා සැකකටයුතු මන්ත්‍රීවරුන් කියමින් මෙසේ ලැයිස්තු ඉදිරිපත් කරන බවත් ඒ හේතුවෙන් පක්ෂය අභ්‍යන්තරයේ දැඩි කුලල්කා ගැනීමක් නිර්මාණය වී ඇති බවත් පොදුජන පෙරමුණ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙසේ කේලම් කියන තැනට මන්ත්‍රීවරුන් පත්වී සිටින්නේ රාජපක්ෂ පවුලේ උදවිය කේලම් අසා ඒ අනුව තීන්දු තීරණ ගන්නා නිසා බවත් මේ සම්බන්ධව  මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු බරපතළ කලකිරීමෙන් මේ වන විටත් මැතිවරණ ව්‍යාපාරයෙන් ඈත්වී සිටින බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න