උතුරේ ජන්ද කන්ද උඩින්ම සජිත්ට !

උතුරේ ජන්ද කන්ද උඩින්ම සජිත්ට !

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට එළැඹෙන ජනාධිපතිවරණයේදී  සහය දක්වන බව ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසා ඇත්තේ තම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්ව මෙම තීන්දුව ගනුලැබූ බවය.

ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වෙයි.

එසේම සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ  ඉදිරි දින කිහිපය තුළ තම පක්ෂය ද්‍රවිඩ ජාතික සන්ධානයේ අනෙක් පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

මේ සම්බන්ධව ලැබෙන දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය ප්‍රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධානයේ සම්පූර්ණ සහය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලැබීම මේ වන විටත් තහවුරුව ඇති බවය.

ගෝඨා විරෝධය සැකය නිසයි !

පසුගියදා යාපනයේ පැවති ජන රැලියේදී ගෝඨාභය රාජපක්ෂ එහි ජනතාවට පොරොන්දු වුණේ තමන් ජනාධිපති වුවහොත් දමිළ දේශපාලන සිරකරුවන් සියල්ල නිදහස් කරන බවය.

නමුත් එම ප්‍රකාශය විශ්වාස කිරීමට උතුරේ වැසියන් සූදානම් නැති බව ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ගෙන ඇති තීරණයෙන් තහවුරු වන බව විචාරක මතය වී තිබේ.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ බෙදුම්වාදී අන්තවාදී සියළු පාර්ශව ගෝඨාභය රාජපක්ෂ ගේ වේදිකාවේ සිටීම හමුවේ ඔවුන්ගේ සැබෑ ආධ්‍යාෂය කෙසේ හෝ බලය ගැනීම මිස දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම නොවන බව තහවුරු වීම බවයි.

එසේම සියළු දෙමළ ජනතාව රට හමුවේ ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීමත් එතරම් පහත් බල උමතුවක් පාලනයට ගෙන ඒම තම ජනතාවගේ පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකා ජාතියම අනතුරක් බව ඔවුන්ගේ ස්ථාවරය වී ඇති බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

sumanthira 1

sambandan 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න