ගෑස් මෙට්‍රික් ටොන් 12000ක හදිසි මිලදී ගැනීමක් !

ගෑස් මෙට්‍රික් ටොන් 12000ක හදිසි මිලදී ගැනීමක් !

මේ දිනවල වෙළඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක්  හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙන බව වාර්තා වෙයි.

මුදල් අමාත්‍යාංශය නිකුත්කල නිවේදනයක මේ බව සදහන් වන අතර මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රො ගෑස් සමාගම මගින් මෙය ආනයනය කර වෙලඳ පොළට වහා නිකුත්කිරීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

එසේම මුදල් අමාත්‍යාංශය විසින් නිකුත්කල නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

ගෑස් මෙ. ටොන් 3600 ක් රැගත් නැවක් සෙනසුරාදා (02) වරායට  සේන්දු වූ අතර හෙට අඟහරුවාද තවත් මෙ. ටොන් 3600 ක නැවක් වරායට පැමිණෙනු ඇත.

ලබන සෙනසුරාදාද තවත් මෙ.ටොන් 3600 ක් රැගත් නැවක් පැමිණීමට නියමිතය.හදිසි මිලදී ගැනීම් යටතේ සාමන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඇණවුම් කරන ලද ගැස් ද මෙට්‍රික් ටොන් 6000 බැගින් ලබන සතිය තුළ දිවයිනට ලඟාවනු ඇත. 

ඒ අනුව පෞද්ගලික ගෑස් ආනයන සමාගමක  පැවති අඩු සැපයුම් නිසා ඇතිවූ ගෑස් හිඟය මෙම සතිය තුළ අවසන්වනු ඇති බැවින් මේ පිළිබඳව අනවශ්‍ය කලබලයට පත් නොවන්නැයි රජය  පාරිභෝගික ජනතාවට දැනුම් දෙයි.

මෙම ගෑස් හිඟය අවස්ථාවක් කරගෙන ගෑස් සඟවාගෙන හා වැඩි මිලට අලෙවි කළ අලෙවි නියෝජිත වෙළඳ සැල් 40 ක් පමණ පාරිභෝගික අධිකාරිය විසින් වැටලිම් කර ඇත.ඉදිරි දිනවලදී මෙම වැටලීම් දැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කර ඇති අතර එම කූට වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු යොදා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න