බැසිල්ගේ දිවි නැගුම නඩුව : මාර්තු 23 ට කල් යයි !

බැසිල්ගේ දිවි නැගුම නඩුව : මාර්තු 23 ට කල් යයි !

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ලබන මාර්තු මස 23 දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (07) නියම කර ඇත.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණු අතර එහිදී වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරිණි.

ඉන් පසු එම නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 23 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියම කර ඇත.හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අය එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

එම නඩුව ගොනු කර ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ දිවි නැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2,293 ක මුදලක්  බෙදා හැරීම තුළින් රාජ්‍ය මුල්‍ය  සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට  චෝදනා කරමින්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න