නයි ධාතු ප්‍රෝඩාවෙන් පසුව : දෙරණ පිටි මිලටත් විදියි !

නයි ධාතු ප්‍රෝඩාවෙන් පසුව : දෙරණ පිටි මිලටත් විදියි !

ප්‍රීමා  තිරිගු පිටි කිලෝවක මිල ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන ලෙස ප්‍රිමා සමාගම විසින් දිවයිනේ සියලුම ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දි ඇති බව සඳහන් කරමින් දෙරණ මාධ්‍ය ජාලය සිදුකර ඇති ප්‍රචාරය මුළුමනින් සාවද්‍ය බව වාර්තා වෙයි.

ප්‍රිමා සමාගම විසින් මිට ප්‍රථම පිටි මිල වැඩි කර පසුව රජයේ ඉල්ලිමක් මත පසුගිය දා මිල අඩු කෙරුණු බවත් සඳහන් කරමින් ඊයේ  මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රිමා තිරිගු පිටි රු 8.50 ඉහළ දැමිමත් සමඟ ප්‍රිමා තිරිගු පිටි කිලෝවක් රුපියල් 104.50 දක්වා ඉහළ යන බවත්, මෙයට සමගාමිව බේකරි නිෂ්පාදන වල මිලද ඉහළ යා හැකි බව බේකරි හිමියන් පවසන බව සඳහන් කරමින්  දෙරණ මේ පුවත වාර්තා කර ඇති අතර ඒ පිටි මිල වැඩිවීමක් පෙන්වමින් ආණ්ඩුව අප්‍රසාදයට කිරීමේ නින්දිත උත්සාහයකි.

පාරිභෝගික අධිකාරියේ අවසරයක් නොමැතිව පිටි මිල ඉහල දැමීමට නොහැකි අතර මෙවැනි මිල වැඩිකිරීමක් කොහෙත්ම සිදුකර නොමැති බව  අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව පැහැදිළි වන්නේ නයි ධාතු නාඩගමක් හරහා ගෝඨාභය රාජපක්ෂ ගොඩ දැමීමට උත්සාහ කර රටටම විහිළුවක් වූ  දෙරණ මාධ්‍ය ජාලය දැන් පිටිමිල ප්‍රෝඩාවක් දියත්කර ඇති බවය.

මේ සම්බන්ධව මුදල් අමාත්‍ය මංගල සමරවීර ද විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇති අතර එය පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න