විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ඕෂද සේනානායක 

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ඕෂද සේනානායක 

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කල ඕෂද සේනානායක මහතා අද එම ආයතනයේ දී සිය රාජකාරී කටයුතු ආරම්භ කලේය.

පරිඝණක ඉංජිනේරුවෙක් මෙන්ම තරුණ ව්‍යවසායකයෙකු වන ඒ මහතා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි රටවල කටයුතු කිරීමෙන් සුවිශේෂ අත්දැකීම් ලබා ඇති කෙනෙකි. 

රාජකාරී ආරම්භ කරමින් කාර්ය මණ්ඩලය ඇමතූ සේනානායක මහතා ප්‍රකාශ කළේ “ස්මාර්ට් ශ්‍රී ලංකා” සංකල්පය කොලයකට සීමා නොවී යථාර්ථයක් බවට පත්වීමට නම් ලංකා පරිඝණක ක්‍ෂේත්‍රයේ 5ජී තාක්ෂණය හඳුන්වාදීය යුතු බවත් එහිදී ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රමුඛත්වය ගත යුතු බවයි.

ලෝකයත් සමග ඉදිරියට යාමට නම් අපට මේ නව තාක්ෂණය නොමැතිව කටයුතු කිරීම අපහසු බවත් නව ජනාධිපතිතුමා එය හොඳින් හඳුනාගෙන ඇති බවත් සඳහන් කලේය.

ඒ සඳහා අවශ්‍ය සහාය තමන්ගේ නායකත්වය යටතේ උපරිමයෙන් ඉටු කිරීමට සියලු දෙනාගේ සහාය ලැබිය යුතු බව ද ඒ මහතා සඳහන් කලේය.

ඕෂද සේනානායක මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර, එංගලන්තයේ නොතම්බ්‍රියා විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පරිගණකකරණය පිළිබඳ විද්‍යාවේදී විශේෂ උපාධියත්, ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර ආයතනයේ ව්‍යාපාර කළමනාකරණය හා අලෙවිකරණය පිලිබඳ විද්‍යාපති උපාධිධාරියෙකි.

ඔහු ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ කෘතහස්ත ව්‍යවසායකයෙකු ද වේ.

ඡායාරූප : බන්දුල සේනානායක

{gallery}oshada-s{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න