මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ වැඩ තහනම්

මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ වැඩ තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග සංවාදවල නිරත වූ බව කියන බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ වැඩ තහනම් කළ බව අධිකරණ සේවා කොමිසම පවසයි.

එම කොමිසම සඳහන් කළේ, දුරකතන සංවාදවල නිරතවූ බවට චෝදනා එල්ල වී සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.

ධම්මික හේමපාලගේ වැඩ තහනම් කිරීමෙන් පුරප්පාඩු වු බද්දේගම මහේස්ත්‍රාත් ධුරයේ වැඩ බැලීම සඳහා හලාවත අතිරේක මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ පත් කර තිබේ.

මේ අතර රන්ජන් රාමනායක සමග දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බවට අනාවරණය වී ඇති විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේ ය.

ඒ අනුව අදාළ දුරකථන සංවාද සිදුකළ බව කියන විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න