නිදහස් දින උත්සවය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොපැමිණි හේතුව ලෙස වෙබ් අඩවි කිහිපයක පලව තිබූ පුවත සාවද්‍ය බව හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ඒකකය පවසයි.
ඒ අදාල පුවත සාවද්‍ය බවට නිල නිවේදනයක් නිකුත්කරමින්ය.
හිටපු ජනාධිපති නිදහස් උත්සවයට නොපැමිණි හේතුව ලෙස ප්‍රචාරය කර තිබූ පුවත පහත දැක්වෙයි.
පෙර ප්‍රචාරය කර තිබූ පුවත !
නිල වශයෙන් ආරාධනා කර තිබියදීත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් දින උත්සවයට නොපැමිණි කාරණය මේ වනවිට හෙළිදරව් වී ඇත.
ඒ අනුව පසුගිය දිනෙක මේ පිළිබදව සිරිසේන මහතාගෙන් හිතවතුන් විමසද්දී ඒ මහතා අපූරු පිළිතුරක් ලබා දීමට පියවර ගෙන ඇත.එහිදී සිරිසේන මහතා සදහන් කොට ඇත්තේ තමන් පසුගිය දිනෙක මුහුණදුන් සිදුවීමක් ඊට හේතු වී ඇති බවකි.
‘මම පහුගිය දවසක කබීර් හෂීම් මහත්තයගේ දුවගේ මගුල් ගෙදර ගිය වෙලාවෙ සිද්ධ වෙච්ච දෙයක් හින්දා තමයි නිදහස් උත්සවේටත් නොයන්න තීන්දු කළේ.
එදා මම එද්දි ජනාධිපතිතුමාගෙයි අගමැතිතුමාගෙයි සෙකියුරිටි එකෙන් මාව මගදි නැවැත්තුවා. එතන ඉදන් පයින් යන්න මට සිද්ධ වුණා. ඉතින් නිදහස් උත්සවේට ගියත් මට ලැබෙන්නෙ ඔය සැලකිල්ලම නිසයි මම එතෙන්ට නොගියේ…’ යැයි එහිදී සිරිසේන මහතා සදහන් කර තිබේ.
සිරිසේන පාර්ශවය නිකුත්කල නිවේදනය !
මෙම පුවත සාවද්‍ය බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති සිරිසේන ගේ මාධ්‍ය ඒකකය නිකුත්කල නිවේදනය පහත දැක්වෙයි.


