විග්නේශ්වරන් පක්ෂ තුනක් සමඟ ගිවිසුමක

විග්නේශ්වරන් පක්ෂ තුනක් සමඟ ගිවිසුමක

සී.වී.විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ ජනතා ජාතික සන්ධානය අද (09) පක්ෂ තුනක් සමඟ සන්ධානගත වී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූවේය.

ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේස් ප්‍රේම චන්ද්‍රන් මහතා , එස්.ශ්‍රීකාන්තන් නායකත්වය දරන දෙමළ ජාතික පක්ෂය සහ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශෂිධරන් නායකත්වය දැරූ දෙමළ ඊලාම් ස්වාධීන සංවිධානය මෙසේ සී.වී.විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ ජනතා ජාතික සන්ධානය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ සී.වී.විග්නේශ්වරන් මහතා මෙසේ පැවසීය.

‘‘විවිධ බාධාවලට පස්සේ අපි අද දිනයේදී නව සන්ධානයක් වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා. මේ සම්බන්ධයෙන් අපි අතරේ විවිධ මත තිබුණා නමුත් ඒ සියල්ල සාකච්ඡා වලින් පසුව නිරාකරනය කරගන්න පුලුවන් වුණා. ඊට පස්සෙ තමයි අපි මේ එකතු වෙලා තියෙන්නේ. දෙමළ ජනතාව වෙනුවෙන් තමයි අපි මේ තීරණය අරන් තියෙන්නේ‘‘ යැයි ඒ මහතා පැවසීය.

ලංකාදීප

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න