පෞද්ගලික අංශයටත් තැපැල් ජන්ද හිමිකම ?

පෞද්ගලික අංශයටත් තැපැල් ජන්ද හිමිකම ?

ඉදිරි මැතිවරණයකදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයේ සේවකයින්ටත් ලබා දෙන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි. 

මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය මෙම ඉල්ලීම කර තිබේ. 

ජනාධිපතිවරණයකට සාපේක්ෂව ගත් කළ  මහ මැතිවරණ, පළාත් සභා , සහ ප්‍රාදේශිය සභා මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩු උනන්දුවක් ජනතාව තුළ පවතින  බැවින් අගනුවර හෝ වෙනත් ප්‍රධාන නගර ආශ්‍රිතව පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන් ආදී පිරිස් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සිය ගම්බිම් වලට යාමට මැළි කමක් දක්වන බව එම ලිපියේ දැක්වෙයි. 

මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලික අංශයේ සේවකයින්ට අදාල ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර සලකා බලමින් ඒ අනුව ඔවුන් වෙත නිවාඩු ලබා දෙන ක්‍රමවේදයක් මේ වනවිට ක්‍රියාත්මක වෙයි. නමුත් ඇතැම් දුර බැහැර පදිංචිකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පමණක් මුදල් වැය කරමින් පැමිණ යළි  එසැනින් ආපසු යාම යනාදී කරුණු බරපතල ගැටළු සහගත තත්වයක් නිර්මාණය කර ඇති බව එම ලිපියේ සඳහන් වෙයි.

 මීට පිලියම් වශයෙන් ඇතැම් අය ඡන්දය දිනය සහ ඊට පෙර හෝ පසු දින සිය පෞද්ගලික නිවාඩු අයදුම් කර ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන අතර මේ නිසා ආයතනික කාර්යක්ෂමතාවයද හීන වී යන බව කැෆේ සංවිධානයේ අදහසයි. 

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් විශේෂයෙන්ම පෞද්ගලික රෝහල්, ආරක්ෂක සේවා, හෝටල්, ඇඟලුම්  වැනි අංශවල සේවයේ නිරත පෞද්ගලික සේවකයින්ට ද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකසන මෙන් මෙම ලිපිය මඟින් ඉල්ලා තිබේ. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන්ගේ අත්සනින් යුතුව  මෙම ලිපිය යොමු කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.