මන්ත්‍රී රන්ජන්ට ඇප

මන්ත්‍රී රන්ජන්ට ඇප

අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇපමත නිදහස් කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.

ඒ අනුව මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ඇප ලබාදීමට විරෝධය පළ කරන බවයි. මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් මන්ත්‍රීවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ එවැනි මහජන කැළඹීමක් ඇතිවිය හැකි බවට සාධක නොමැති බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න