සරණ අරන් ගිය වාහනයට ලොතරැයි මණ්ඩලය සල්ලි ගෙවලා

සරණ අරන් ගිය වාහනයට ලොතරැයි මණ්ඩලය සල්ලි ගෙවලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 2006 - 2008 වර්ෂයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන 2008 අප්‍රේල් මාසයේදී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෂයෙන් පත්ව යන අවස්ථාවේදී යුනයිටඩ් මෝටර් සමාගමෙන් මිට්සුබිසි එල් 200 ඩබල් කැබ් රථයක් මිලට ගෙන ඇත. එහි වටිනාකම රුපියල් මිලියන 08කි. මෙම වාහනය ගුණවර්ධන මහතා රැගෙන යාම නිසාත් මණ්ඩලයට එම වාහනය නොලැබීම නිසාත් එවකට සභාපති වශයෙන් සිටි උපාලි ලියනගේ මහතා එම ගෙවීම නතර කර ඇත.

එම වාහනය ගුණවර්ධන මහතා රැගෙන ගොස් ඇති අතර 2008 සිට මේ දක්වා අදාළ වාහනය අතුරුදහාන් වී ඇත.

එම වාහනය අලෙවි කළ යුනයිටඩ් මෝටර් සමාගම සංවර්ධන ලොතරැයි මණ්ඩලයට එරෙහිව 2011 වර්ෂයේදී මුදල් අය කර ගැනීම සඳහා පවරන ලද නඩු විභාගයෙන් අනතුරුව මහා අධිකරණය තීරණය කර ඇත්තේ එම වාහනයේ වටිනාකම වන රුපියල් මිලියන 8ක් සහ වසර 10ක් සඳහා පොලිය වශයෙන් තවත් මිලියන 8ක් ගෙවන ලෙසය.

මෙම නඩු විභාගය අතරතුර ගුණවර්ධන මහතා අදාල වාහනය තම රියදුරු විසින් භාර ගත් බවත් එම වාහනය මණ්ඩලයට භාර නොදුන් බවත් පිළිගෙන ඇත.

වසර 09කට පසු තීන්දුව ලබා දුන් මහා අධිකරණය විසින් රුපියල් මිලියන 16 මුදලක් මණ්ඩලය විසින් යුනයිටඩ් මෝටර් සමාගමට ගෙවන ලෙස නියෝග කර ඇත.

ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයට මේ වන විට වාහනයද අහිමි වී ඇති අතර රුපියල් මිලියන 16ක අලාභයක් විඳ ගැනීමට සිදුව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න