ඩග්ලස් දේවානන්දාගේ නායකත්වයෙන් යුත් ඊපීඩීපී සංවිධානය උතුරු නැගෙනහිර පළාත්වලට අයත් සියලු දිස්ත්‍රික්ක සඳහා තනිව තරඟ කරන බවත් දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරඟ කරන බවත් එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් ඩග්ලස් දේවානන්දා මහතා සමීපව කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය උතුරු නැගෙනහිර පළාත්වලට තරග කරන බව මේ වන විටත් ප්‍රකාශයට පත්කර ඇත. ඊට අමතරව එම සන්ධානය සමග කටයුතු කරන වාසුදේව නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණද වන්නි දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තනිව තරග කරන බව ප්‍රකාශ කර තිබේ. වන්නි දිස්ත්‍රික්කයට එම පක්ෂය ඉදිරිපත් වන්නේ ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙනි.
(අනිද්දා )

