ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අග්‍රාමාත්‍යවරයෙකු පත්කර ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය සම්පූර්ණ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රබලයෙකු ලංසු ඉදිරිපත් කරමින් සිටින බව වාර්තා වෙයි.
පක්ෂයෙන් ඉවත්ව තමන් හා සම්බන්ධ වනවා නම් නිදහස් සන්ධාන පාර්ශවයෙන් ලබාදීමට සුදානම් දේ මෙන්ම එසේ එන කවර මන්ත්‍රීවරයෙකු වුවත් අපේක්ෂා කරන දේ විමසමින් මෙම මන්ත්‍රීවරයා මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගණනාවකට ඇමතුම් ලබාදී ඇති බවද දැනගන්නට ඇත.
මේ පිළිබඳ අප කළ විමසුමකදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙකු සඳහන් කර සිටියේ ජනප්‍රිය ක්‍රීඩාවට සම්බන්ධ මන්ත්‍රීවරයෙකු මෙසේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පිල් මාරුවක් සඳහා ආරාධනා කරන බවට ආරංචි ලැබී ඇති බවය.
එසේම මේ මොහොතේ වැදගත් වන්නේ කවුරු කවුරු හෝ බලය ඇල්ලීමට පොරකෑම නොව 2015 ජනවරම ක්‍රියාවට නැගීම බවත් ඊට අදාළ පොදු එකඟතාවක් පක්ෂය තුළ ඇති බැවින් තම පක්ෂය එවැනි උත්සාහයන් ගැන කළබල නොවන බවද අමාත්‍යවරයා පැවසීය

